නිමල් නම් වූ අරගල කරුවා
නිමල් ද සිල්වා යනු වෘත්තීය සමිති ක්‍රියාධරයකි. සමාජ ක්‍රියාධරයකි.ඔහු සහෝදරයෙකි, ඒ ඔහුගේ ලබැදියාව, හිතවත්කම නිසා පමණක්ම නොව මේ සමාජය වඩා ඉහල තැනකට ඔසවා තැබීමටත් ,ජනතාවගේ පීඩාවන්ට එරෙහිව අත්නොහරින ලද උත්සහය නිසාය.
නිමල් බූස්සෙ ඉපදී රත්ගම දේවපතිරාජයෙන් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගෙන අනුරාධපුරේ මධ්‍යම මහා විද්‍යාලයේ උසස් පෙළ අධ්‍යාපනය හැදෑරීය. පළමුකොට කම්කරු මාවත විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය සමග කාලයක් කටයුතු කරන ලදි. 77 මැතිවරණයේ ඇතිවුණා වුණු කැලඹුම් හේතුවෙන් කම්කරු සංගමයෙන් ඈත්වීමත් සමග නව සමසමාජ පක්ෂය එක්ක සම්බන්ධ වෙයි. එහි දී පාක්ෂික තත්ත්වය දක්වා වර්ධනය විය. පක්ෂයේ අනුදැනුම මත රාජාංගනයේ එක්සත් ගොවි ජන සංමේලනය හැටියට ජල බද්දට එරෙහි අරගල වල නිරත විය. තම පියා සමග එකතුව රාජාංගනය ගොවි ජනපදයේ වී ගොවිතැන ආරම්භ කෙරිණ. ගමේ තිබූ සමාජ සංවිධාන වල ඉදිරියෙන් ඉදිමින් කටයුතු කළේය. පක්ෂයේ මූලිකත්වයෙන් රාජාංගනයයේ ගොඩනැගූ විනිවිද සමාජ අධ්‍යයන කේන්ද්‍රය සමග එකතුවී විවිධ දේශපාලනික කටයුතු කලා සංස්කෘතික ක්‍රීඩාමය කටයුතුවල නියැලුණි. 1983 කළු ජූලිය වෙනකොට කොළඹ නව සමසමාජ පක්ෂය සටනක සටහන් ප්‍රදර්ශනය සංවිධානය කිරීම සදහා සූදානම් ව සිටි මොහොතේ ඔහු සිටියේ නව සම සමාජ පක්ෂයේ 17 කාර්යාලයේ ය.ඒ සිදුවීම් වනවිට ඔහු ඡායාරූප ශිල්පියෙකු ලෙසෆොටෝ කටයුතු කරමින් සිටි අතර යුනෙස්කෝ එකේ දෙහිවල රසායනාගාරයේ බාරව සිටියේ නිමල් ය. ඔහු සිදුවන සිදුවීම් ඡායාරූප ගැනීමට යාම නිසා ගමේ මිනිස්සු සහ පොලීසිය පහර දී සියල්ල නැති කරගෙන ආපසු පැමිණියේ ඇඳුම් ටික පවා ඉරාගෙන ය.1987 කාලයේ නිමල් ඇතුළු සංවිධාන ද්‍රවිඩ ජනතාවගේ අයිතීන් පිළිබඳව කතා කල නිසාම බහුතරයකගේ ද්‍රෝහියන් බවට නාම කරණය විය. ද්‍රවිඩ ජනතාව ගැන කතා කල අය දේශද්‍රෝහීන් ලෙස සලකන ලදි. ඒ දේශද්‍රෝහී ලේබලය නිසාම රාජඅංගනය අතහැරලා යාමට සිද්ධ විය. රාජාංගනය අතහැර යාමත් සමග බොහෝ ප්‍රශ්නවලට මැදිහත් විය. ඒ වෙනවිට ඔහු විවාහ වී සිටි අතර දරුවෙක් ද ඔවුනට විය.මේ දරුවත් අරගෙන රජයේ ලිපිකරු සේවා සංගමයට වී වසර එකහමාරක් පමණ කාලයක් ගත කිරීමට සිදු විය. 1990 වෙනවි ට නිමල්ට ඔහුගේ අධ්‍යාපනය මත විදුලිබල පෞද්ගලික සමාගමේ රැකියාවක් ලැබේ. හික්කඩුව කාර්යාලය ඔහුගේ සේවා ස්ථානය වූ නිසා ම උපන් ගම වන බූස්සෙ ඔහු පදිංචි විය. පසුව ගාල්ලේ පදිංචියට යයි. ඵහි සේවය කරන ගමන් වෘත්තිය සමිතිය ගොඩනගීමට කටයුතු කරයි.ඒ අතර ඔහුගේ අවධානය යොමුවෙයි් . සාමූහික ගොවිපළවල් පිලිබදව අදහසත් සමග දික්කුඹුරේ සාමුහික ගොවිපලක් ආරම්භ කෙරේ.කේජී උපවංස මහත්තයා ආරම්භ කල ස්වභාදහමේ ගොවිතැන පිළිබඳව දැන ගැනීමට අවස්ථාව ලැබේ. ඒ වෙනවිට ගොවිතොරතුරු මධ්‍යස්ථානය හරහා ගොඩනැගුණු ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ ආභාසය ගනිමින් නව සම සමාජ පක්ෂයේ වෘතීය සමිති නායක ලීනස් ජයතිලක සහෝදරයාගේ ද සහය ඇතිව සොබාදහමේ ගොවිතැන ද ආරම්භ කරයි.මේ කාලය තුළ ඔහු වසවිස කෑමට විරුද්ධව ඔහුගේ දැනුම අවබෝධය ලබාදෙමින් මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය සමිති නායකයින් සමග දේශන සංවිධානය කරයි.මේ වසවිස ට එරෙහිව කල කටයුතු නිසා තර්ජන වලටද ලක්වීමට සිදුවිය. ඔහු අවු 63න් විශ්‍රාම ගෙන රාජාංගනයට එයි.එහිදී ඔහු ප්‍රායෝගිකවම ගොවිපලක් ආරම්භ කරයි.අනෙකුත් ගොවීන් සමග එකතු වෙමින් වස විස වලට විරුද්ධව කතා කරමින් සමූපකාර ව්‍යාපාරය ට මැදිහත්වෙමින් කටයුතු කරන ලදි.වසවිස වලට විරුද්ධව උතුරුමැද පළාත් සැලසුම් සංසදය සමග එකතුවෙමින් වෘත්තීය සමිති සමගද කටයුතු කරන ලද සහෝදරයෙකි.රජාංගනයේ වැවේ වතුර ජල සම්පාදන මණ්ඩලය විසින් අඩි දෙකහමාරක විෂ්කම්භය තියෙන නළ දෙකකින් අරගෙන කලාවැව පතුල දක්වා උඩහටම තල්ලු කරගෙන යාමේ උත්සහයට විරුද්ධව සිදුවූ දැවැන්ත අරගලයේ දී ගුටිකා තුවාලද ලබයි.ඒ සදහා වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුව ගොඩනගීමට මූලිකත්වය ගන්නාලදි.විවිධ දේශීය වී වර්ග වැවීම සිදුකරන ලද්දේ මේ සමාගම් කෘෂිකර්මයට විරුද්ධව ය.පහුගිය කන්නේත් ඔහු වී වර්ග හැටක් ඔහුගේ කුඹුරේ අස්වද්දා තිබුණි.
නිමල් වැනි මිනිසුන් ඇත්තේ සුළුතරයකි. බහුතරය එසේ නොවේ.සමාජයට කුමක් වුවත් කුටුම්භ සංරක්ෂණය පමණක්ම ඔවුන්ගේ අරමුණයි. එහෙයින් ඔහුගේ හිඩැස පිරවීම පහසු නොවුනු ඇත.ඒහෙත් එය කල යුක්තක්ම වෙයි.ඒ ඔහු අත්නොහැරිය අරමුණ සාක්ෂාත් කිරීම සමස්ත සමාජයේම වගකීමක් වන හෙයිනි. පුද්ගලික යමක් සාක්ෂාත් කර ගැනීමක් නොවනහෙයිනි.
සිරිල් පතිරණගේ

