දමිළ සාහිත්‍යවේදී දීප චෙල්වම්ගේ සාහිත්‍ය කෘති සිරගත කළ ජා. ජ. බ. ආණ්ඩුවේ පිළිවෙත හෙලා දකිමු!
ප්‍රකට දමිළ සාහිත්‍යධරයෙකු වූ දීප චෙල්වම්ගේ සාහීත්‍යමය කෘති කිහිපයක් ජාතික ජනබලවේග ආණ්ඩුවේ උපදෙස්මත, ශ්‍රී ලංකා රේගුව විසින් සති කිහිපයක සිට මුදා නොහැර රඳවාගෙන සිටී. දීප චෙල්වම් සිද්ධියෙන් මේ ධනපති රාජ්‍යය පිළිබදව හෙළිදරව් වන ප්‍රධාන කරණු දෙකක් පිළිබදව අප ලංකාවේ සමාජය දැනුවත් කිරීමට මෙය අවස්ථාව කර ගනිමු.
පළමු කරුණ නම්, ශ්‍රී ලංකාව වැනි පසුගාමී ධනපති රාජ්‍යයක බලයට පත්වන කවර වර්‍ගයේ ප්‍රගතිශීලි අඩංගුවකින් යුත් ආණ්ඩුවක් වුවද එහි වර්‍ගවාදී, ස්වෝත්තමවාදී පදනම නැවත වටයකින් ආරක්ෂා කිරීමට කටයුතු කිරීමයි. දමිළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන්, කවර හෝ ප්‍රකාශයක් කියවීමට සුදුසුද යන්න තවමත් තීරණය කරන්නේ සංස්කෘතික අමාත්‍යංශය සහ රේගුව නම් මේ ආණ්ඩුවේ ‘සාමයේ’ සැබෑ දේශපාලන දිග පළල ඉන් පැහැදිළි වේ.
යහපාලන ආණ්ඩුවටත්, රාජපක්ෂවාදයටත් කත් අදිමින්, හිරිකිතයකින් තොරව NPPයේත් තනතුරු ලබා ගනිමින්, ප්‍රකාශන නිදහසේ පරම අයිතිකරුවන් බව සමාජයට ප්‍රකාශ කිරීමට උත්සහ කළ, දීප චෙල්වම්ගේ කෘති පිළිබඳව ප්‍රශ්නයේදී සිය දෙබිඩි, අවස්ථාවාදී ස්වභාවය රටට පෙන්වාදුන් ‘තරුණ’ ලේඛකයන්ට හා ජයතිලක කම්මැල්ලවීර, සුනිල් විජේසිරිවර්‍ධන වැනි දකුණේ ඊනියා සිංහළ සාහිත්‍යධරයන්ට ලංකාවේ සමාජය ස්තුතිවන්ත විය යුතුය.
දෙවැනි කරුණ නම්, දීප චෙල්වම්ගේ කෘති කිසිවක් මෙසේ අදහස් දක්වන ලද බහුතරයක් කියවා නොතිබීමයි. නොකියවූ පොත් සාමය කඩකරන, ජාතිවාදය අවුස්සන ලද හෝ ජාතික සමගියට බාධාකරන බවට මොවුන් නිගමනයකට ආවේ කෙසේද? එහි දේශපාලන අර්‍ථය නම්, දමිළයෙක් ලියු යමක් නොකියවා හෝ ඒවා ජාතික ආරක්ෂාව කඩකරන බවට නිගමනය කිරීමට ආණ්ඩුවට වන්දිභට්ටකම් කරන කුලී ලියන්නන්ට හැකියාව ඇති බවයි. “වෙන ආණ්ඩුවක් හිටියනම් දීප චෙල්වම් හීරේ” වැනි ප්‍රකාශයක් කිරීමට දේශපාලන නරුමයෙකුට හැරෙන්නට සාහිත්‍යයකරුවෙකුට කළ නොහැක.
ජනතාවගේ පූර්‍ණ නිදහස වෙනුවෙන් පෙනී සිටීමට බලයට පැමිණි රජයක් තුළින් සිදුවන ජාතීන් අතර බෙදීම වඩාත් තහවුරු කරන මෙවැනි පහත් ක්‍රියාවන් හා ඒ සඳහා අනුබල දෙන ඊනියා බුද්ධිමතුන්ගෙන්, සාහිත්‍යකරුවන්ගෙන් සහ කලාකරුවන්ගෙන් සමාජය ප්‍රවේශම් වියයුතු බව හතරවන ජත්‍යන්තරයේ ශ්‍රි ලංකා පාර්‍ශවය වූ ‘සමාජවාදී ජනතා සංසදය’ අවධාරණය කරසිටී.
ධර්‍මසිරි ලංකාපේලි
පක්ෂ ලේකම්, මධ්‍යම කාරක සභාව වෙනුවෙන්,
2026-04-21


