ආර් ථිකය ගොඩ ගැනීමට ජනඅරගල සංධානයේ තල්ලුව – ගැම්ම – (leap) කුමක්ද? එවැන්නක් තිබේද?.
සංක්‍රාන්ති සමයේ ආර් ථිකය දෙවන කොටස!
ධනේශ්වර ක්‍රමය නිමා කොට සමාජවාදී (කොමියුනිස්ට්වාදී) ක්‍රමයක් ගොඩ නැගීමේදී සංක්‍රාන්ති සමයක පැවැත්ම අනීවාර්‍ය වේ. සමාජවාදී විප්ලවය මුලින්ම ඇති වූයේ එංගලන්තයේ නම් මේ සංක්‍රාන්ති සමය කෙටි සහ සුමුදු එකක් විය හැකිව තිබිනැ යි කෙනෙකුට තර්‍ක කළ හැක.
මේ අදහස එන්නේ ආර් ථිකවාදි තර්‍කයකිනි. එහෙත් එසේ වීම අනීවාර්‍ය නොවේ. එසේ නොවීමේ ගතිකයන් ද එංගලන්ත ක්‍රමය තුළම දැකිය හැකි වේ. කෙසේ වුවද මේ ප්‍රශ්නය වරහන්ගත කිරීමට මා යෝජනා කරන්නේ අපේ සාකච්ඡාව ආර් ථික වශයෙන් නොදියුණු රටවල් ඉලක්ක කරගෙන සිදුවන හෙයිනි.
අපට ප්‍රශ්නය යොමුකළ හිටපු මන්ත්‍රීවරයා ජන අරගල සන්ධානයට ඇඟිල්ල දික්කොට ඇසුවේ මේ වැටී දඟලන ආර් ථිකය ගොඩ ගැන්මට අප ඉදිරිපත් කරන තල්ලුව – ගැම්ම – (leap) කුමක්ද? එවැන්නක් තිබේද? යන්න ය. නිසිලෙස ක්‍රියාත්මක වී නම් අර්‍බුදය වළක්වා ගත හැකිව තිබුණේ යැයි අපි සපථ කරන අතර එම වැටීමෙන් ගොඩ ඒමට ද අපට ප්‍රතිපත්ති කට්ටළයක් ඇතැයි අපි අවධාරණය කරමු.
පශ්චාත් සෝවියට් විවාදය
සාර් රුසියාව අසමාන සහ සම්බන්ධි වර්‍ධනයට (uneven and combined development) කදිම උදාහරණයක් විය. දීර්‍ඝ හා කුරිරු සිවිල් යුද්ධය අවසන රුසියාවේ නිෂ්පාදන මට්ටම 1917 පෙබරවාරියේ විප්ලවය පුපුරාගිය අවස්ථාවේ පැවති මට්ටමටත් වඩා පහතට වැටී තිබින. නගරවල ආහාර සැපයුම බිඳ වැටී තිබින. විශාල “පිම්මක්” පැනීම අනීවාර්‍ය විය. නිර්‍ධන පංතික ආඥාදායකත්වය කෙසේ හසුරුවන්නේ ද යන්න සහ පංතියක ආඥාදායකත්වය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදී සංස්ථා කෙසේ හසුරුවන්නේ ද ගැන දීර්‍ඝ විවාද ඇතිවින.
මේ සියලු විවාදයන් මම මෙහිදී සාරාංශ කිරීමට උත්සාහ නොගනිමි. මා සීමාවන්නේ ආර් ථික නිෂ්පාදනය ඉහළට දමාගැන්ම අරබයා ඇති වූ යෝජනා සහ විවාදයන් ගැන ය. මෙහිලා විශේෂයෙන් සිහිපත් කරන්නේ ලෙනින්, ප්‍රිඕබ්‍රෙෂන්ස්කි, බුකරින් සහා ට්‍රොස්කි ඉදිරිපත් කළ යෝජනා හා තර්‍ක වෙත ය.
සෝවියට් දේශයෙහි 1917- 2028 ඇති වූ විවාදය අපේ විෂයට බෙහෙවින් අදාළ වුවද, 1960 න් පසු දකුණු කොරියාව, තායිවානය, ස්වීඩනය, 1975 න් පසු මහජන චීනය තුළ ඇති වූ පරිවර්‍තනයන් සංක්‍රාන්ති අවධියේ ආර් ථිකය ගොඩ නැගීමේදී බෙහෙවින් වැදගත් වේ. මෙකී අත්දැකීම් සියල්ල ග්‍රහණය කරමින් සුසංවිහිත න්‍යායක් ගොඩ නැගීමට වෙනිසියුලාවේ හියුගෝ චාවේස් ට අවශ්‍ය වුවද, ඔහුගේ හදිසි මරණය මගින් එය වැළැක්වින. හේ 21 වෙනි සියවසේ සමාජවාදය කීවේ එම උත්සාහයට ය.
1917 විප්ලවයෙන් පසු සමාජවාදී පරිවර්‍තනයක් කරා ගමන ගැන සාරවත් සහ දිගු විවාදයක් කෙරුණ ද සමාජවාදී සමාජයක් ගොඩ නැගීමට සෝවියට් රුසියාවට නොහැකි විය. ඒ නිසාම සෝවියට් භාවිතයෙන් ගෝලීය දකුණේ රටවලට උගත හැකි පාඩම් අල්ප ය. සෝවියට් රුසියාවේ විප්ලවයෙන් පසු පනස් වසරක සංවර්‍ධන භාවිතය කෙසේ වී දැ යි පරිකල්පනය කළ කදිම කුඩා ලියවිල්ලක් අප සතුව ඇත. එය සංක්‍රාන්ති සමයේ ආර් ථිකය හැසිරවිය යුත්තේ කෙසේද යන්නට මහඟු ආලෝකයක් සපයන්නේ ය.
බෝල්ෂේවික් පක්ෂ ආර් ථික විද්‍යාඥයෙකු වූ ප්‍රිඕබ්‍රෙෂන්ස්කි ලියූ මේ පොත, From NEP to Socialism: A glance into the future of Russia and Europe නම් වේ. මේ පොත ලියා ඇත්තේ 1921 දීය. පොතේ ඇත්තේ 1970 දී ඉතිහාසය පිළිබඳ සෝවියට් මහාචාර්‍ය්‍යවරයෙකු රුසියානු විශ්ව විද්‍යාලයක පැවැත් වූ දේශන 8 කි. මේ මහාචාර්‍ය්‍යවරයා දුම්රිය අංගනයක වැද්දුම්කරුවෙකු ලෙස ද සේවයකර ඇත. මෙම දේශන අට සාරාංශ කරන්නේ 1920- 1970 වසර 50 තුළ සෝවියට් දේශය කලේ යැ යි පරිකල්පනය කළ ආර් ථික ප්‍රතිසංස්කරණ පිළිබඳවය.
ධනේශ්වර ක්‍රමය වෙතින් සමාජවාදී ක්‍රමයක් වෙත කෙරෙන සිස්ටම් චේන්ජ් එකේදී ආර් ථිකය ප්‍රධාන නියාමයන් දෙකක් මගින් හැසිර වේ. අඩු දියුණු රටක කම්කරු ගොවි ආණ්ඩුවක් (නිර්ධන පංති ආඥාදායකත්වයක්) ඉලක්ක කරගත යුත්තේ හුදු සමතාවය පිහිටවීම පමණෙක් නොවේ. ආර් ථික වෘද්ධියක් ඇති කිරීම ද එහි ප්‍රධාන ඉලක්කයක් වන්නේ ය. සංක්‍රාන්ති ආර් ථිකය පරස්පරයන්ගෙන් පිරුණකි. බොහෝවිට වෘද්ධිය හා සමතාවය දෙපැත්තට අදින අරමුණු ලෙස පෙනිය හැක. සංක්‍රාන්ති ආර් ථිකය මෙහෙයවන ප්‍රධාන නියාමයන් දෙක වන්නේ වටිනාකම් පිළිබඳ න්‍යාය (law of value) සහ ප්‍රාථමික සමාජවාදී සමුච්චනය (primitive socialist accumulation) ය.
අපි කෙටියෙන් මෙම න්‍යාය දෙක ගැන ඉදිරියේදී ඉගෙන ගනිමු.

ලියන්නේ සුමනසිරි ලියනගේ

