ඔක්තෝබර් විප්ලවයේ 108 වැනි අනුස්මරණය
මේ කෙටි සටහන ලෙනින් සහ බෝල්ෂෙවික් පක්ෂය විසින් නායකත්වය දුන් ලෝකය පුරා සෙසු සමාජ සහ දේශපාලන පදනම්ද දෙදරුම් කෑ රුසියානු සමාජවාදී විප්ලවය පිලිබදව කරන ඇගයීමකි.ජෝන් රීඩ් නම් ඇමරිකානු පුවත්පත් කලාවේදියා විසින් විප්ලවය සියසින් දුටු සිද්ධීන් අලලා රචනා කල ඔක්තෝබර් විප්ලවය දිග හැරීම නම් කරනු ලැබුවේ ‘ලෝකය හෙල්ලූ දස දවස’ ලෙසිනි. එනමුදු, සත්තකින්ම, එය ‘ලෝකය හෙල්ලූ දස දවසට’ වඩා එහා ගිය දේශපාලන ප්‍රපංචයක් වෙයි . ඔක්තෝබර විප්ලවයෙන් පසු අද සියවසක් සහ දශක දෙකකටත් වැඩි කාලයක්, ලෝකය පුරා ඒ කම්පනය තවමත් දුෂිත සහ චවුර පාලක පන්තීන්ට මර බිය ගෙන දෙමින් ඇත. අනික් අතට, ඔක්තෝබර් විප්ලවයේ අරුණාලෝකය අයුක්තියට සහ අසාධාරණයට මෙන්ම ධනපති පන්තියේ අඥාදායකත්වයට එරෙහිව සටන් කරන මිහිතලයේ අසරණයන්ට සහ පීඩිතයන් ට විමුක්තියේ මාවතක් විවර කරයි.අප මෙය අනුස්මරණය කරන්නේ එබැවිනි.
“ප්‍රාග්ධනයට” එරෙහිව කල විප්ලවයක්?
ඔක්තෝබර් විප්ලවය, පළමුවැනි නිර්ධන පන්ති විප්ලවය ලෙස සැලකෙන 1871 පැරිස් කොමියුනයට පසුව ඇතිවූ ලෝකයේ ඇති වූ දෙවැනි විප්ලවයයි. විප්ලවීය මාක්ස්වාදයේ න්‍යාය, දේශපාලනය, එහි භාවිතාව මෙන්ම දර්ශනය න්‍යාය ගතකිරීම පිණිස කාල් මාක්ස් පැරිස් කොමියුනයේ පාඩම් උක හා ගත් අතරම ලෙනින්ට සහ බෝල්ෂෙවික් පක්ෂයට පැරිස් කොමියුනය මහත් අභාෂයක් වූ බව ලෙනින්ගේ ලිය කියවලි පෙන්නුම් කරයි.
1917 රුසියාව පසුගාමී රටක් විය.එය කෘෂිකාර්මික, අර්ධ රදල රටක් වුවා පමණක් නොව කුඩා නාගරික කම්කරු පන්තියකින් සමන්විත විය.සම්භාවනීය විප්ලවීය මාක්ස්වාදයට අනුව සමාජවාදී විප්ලවය මුලින්ම සිදුවනු ඇත්තේ අධික ලෙස කාර්මිකකරණයට පත් නිර්ධන පන්තිය බලවත් පන්තියක් ලෙස පැවැත්මට පැමිණි මහා බ්‍රිතාන්‍ය සහ ජර්මනිය වැනි යුරෝපීය රටවලයි.’රුසියානු විප්ලවය ප්‍රාග්ධනයට එරෙහිව කල විප්ලවයක්’ ලෙස අන්තෝනියෝ ග්රාම්ෂි විසින් හැඳින්වීමට හේතු වුයේ මේ කාරනයන්ය. රුසියානු විප්ලවය පසු ගාමී රටක සිදු වීම බෝල්ෂෙවික් පෙරටු බල ඇණියක් මගින් සිදු වීම සම්භාවනීය මාක්ස්වාදයේ සුවිශේෂ වූ නියමයන්ට අනුකුල නොවුනි.
මෙනිසා මෙන්ශේවික් වරු විසින් බෝල්ෂෙවික් වරුන්ට එරෙහිව රුසියාව විප්ලවය සඳහා මෝරා නැති බවත් එම නිසා ම සමාජවාදය සඳහා සුදානම් නැති බවත් ප්‍රකාශ කරනු ලැබිය.නමුත් බෝල්ශ්වික් පක්ෂය සහ ලෙනින් මාක්ස්වාදය එවකට පැවති දේශීය සහ ජාත්‍යන්තර තත්වයන්ට අනුව ගලපනු ලැබිය. සවෙස් පෙරහුරුව ලෙස සලකන 1905 විප්ලවයට පසුව, ලෙනින් කල න්‍යාය ගත කිරීම අනුව රුසියානු විප්ලවයට නායකත්වය දෙනු ලබන්නේ ගොවි ජනතාව සහ කම්කරු පන්තියෙන් සැදුම්ලත් සන්ධානයක් මගින් බව පෙන් වීය. එපමනක් නොව ලෙනින් ‘අධිරාජ්‍යවාදය ධනපති ක්‍රමයේ උච්චතම අවධිය’ රචනා කරමින් පෙන්වා දුන්නේ ධනපති ක්‍රමය විදේශීය වෙළඳ පොළවල් සුරා කෑම මගින් එහි ඇද වැටීම මගහැර ඇති ධනපති ආණ්ඩු විසින් ලෝකයේ දුර්වල ජාතින් සුර කෑම මගින් ඒ ජනතාව මත පටවා ඇති පීඩනය නිසා ආසියා අප්‍රිකා සහ ලතින් ඇමරිකානු ජාතීන්ට ස්වයං තීරණ අයිතිය ප්‍රධානය කරමින් එම ජාතින් ප්‍රගතිශීලි බලවේගයක් ලෙස හඳුනා ගත්තේය.
මේ තත්වය අධිරාජ්‍යවාදී රටවල් යටත් විජිතයන්ගෙන් සුරාගත් අධික ලාභයන් මගින් තමන්ගේ රටවල කම්කරු පන්තිය සනසාලිම පිණිස යෙදවීමෙන් එම රටවල නිර්ධන පන්ති විප්ලවයේ බලා පොරොත්තු දියකර හැරීමට යොදා ගනු ලැබිණ.එමනිසා ලෝක විප්ලවයේ කේන්ද්‍රය රුසියාව වැනි අඩු කාර්මික සංවර්ධනයක් ඇති රටවලට මාරුවෙමින් පැවතිනි.ලෝක විප්ලවයේ ජයග්‍රහණය සඳහා තවදුරටත් තීරණාත්මක වුයේ ‘පරිධියේ රටවල්’ මිස ධනපති රටවල් නොවේ.රුසියාව අධිරාජ්‍යවාදී දම්වලෙහි ‘දුර්වලම පුරුක’ ලෙස ලෙනින් හඳුනා ගත්තේය.මේ තත්වය නිසා රුසියාවේ දේශපාලන ප්‍රතිවිරෝධයන් හුදු ආර්ථික ප්‍රතිවිරෝධයන්ට තියුනු වී තිබුණි.
“අප්‍රේල් තිසසයන්”
කෙසේ වුවද ලෙනින් බලය ඇල්ලීමේ අරමුණ ඇතිව 1917 පෙබරවාරි විප්ලවයෙන් පසුව ඉදිරි පත් කල සුප්‍රසිද්ධ “අප්‍රේල් තිසසයන්” බෝල්ෂෙවික් මධ්‍යම කාරක සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා පමණක් නොව ඔහු මධ්‍යම කාරක සභාවේ සුළුතරය බවට පත් විය.එවකට සෙසු බෝල්ෂෙවික් නායකයන් කියා සිටියේ ‘තාවකාලික ආණ්ඩුවට එහි ‘ධනේශ්වර ප්‍රජාතනත්‍රවාදී අවධිය’ ඉදිරියට පවත්වා ගැනීමට ඉඩ දිය යුතු බවයි. ලෙනින් Goeth උපුටා දක්වමින් ‘..න්‍යාය, මගේ මිත්‍රය, අළු පැහැති නමුත් ජිවිතයේ සදාතනික වෘක්ෂය කොළ පැහැති..’ බව කියා සිටියේය. ලෙනින් තව දුරටත් ප්‍රකාශ කලේ ‘..ධනේශ්වර විප්ල්වය ‘සම්පුර්ණ කිරීම’ පිලිබඳ ප්‍රශනය පැරණි ආකාරයෙන් සිතනු ලැබූ අයුරින් ගනු දෙනු කිරීම ජීවමාන මාක්ස්වාදය අවලංගු කිරීමකි..’ ලෙනින් Collected Works (Vol .24)

කොටින්ම කියතොත් න්‍යායට වඩා භාවිතාව පිළිබඳව නිමේශයකට විප්ලවය පැමිණ ඇති බවට ලෙනින් තර්ක කළේය.ලෙනින්ගේ අපේල් තිසිසයන් ප්‍රෞඩා පත්‍රයේ ප්‍රසිද්ධ කලද එය පක්ෂයේ අදහස් නොවන බව හෙළි කරනු ලැබිය.ලෙනින් පිස්සුවෙන් කතා කරන බවට සමහරු ප්‍රකාශ කරනු ලැබිය. ලෙනින් ප්‍රකාශ කලේ වර්තමානයේ බලය අල්ල ගැනීමේ ඉඩ ප්‍රස්ථාව මග හැරු නොත් අනාගත පරම්පරාව කිසිදාක සමව නොදෙනු ඇති බවයි.ඔහු බෝල්ෂෙවික් සාමාජිකයන් අමතමින් සිය බලය අල්ල ගැනීමේ වැඩ පිළිවෙලට පක්ෂය නම්මවා ගැනීමට සමත් විය. ලෙනින් නොමැතිව බෝල්ෂෙවික් විප්ලවය ජයග්‍රහණය කිරීමට නොහැකි විය තිබුණි.එපමනක් නොව ලෙනින් නොමැතිව බෝල්ෂෙවික් පක්ෂය ගොඩ නැගීමේ දී යම් යම් සන්ධිස්ථානයන් දී ලෙනින් කල තිරනාමත්මක මදි හත් වීම නොතිබුනේ නම් බෝල්ෂෙවික් පක්ෂය බලය ගැනීමට පෙරතුව තිබු සුදානමට ගෙන ඒමේ හැකියාව නොති බෙන්නට බොහෝ විට ඉඩ තිබුණි.
ලෙනින් Goeth උපුටා දක්වමින් ‘න්‍යාය, මගේ මිත්‍රය, අළු පැහැති නමුත් ජිවිතයේ සදාතනික වෘක්ෂය කොළ පැහැති’ බව කියා සිටියේය. ලෙනින් තව දුරටත් ප්‍රකාශ කලේ ‘ධනේශ්වර විප්ල්වය ‘සම්පුර්ණ කිරීම’ පිලිබඳ ප්‍රශනය පැරණි ආකාරයෙන් සිතනු ලැබූ අයුරින් ගනු දෙනු කිරීම ජීවමාන මාක්ස්වාදය අවලංගු කිරීමකි’ ලෙනින් Collected Works (Vol .24) .කොටින්ම කියතොත් න්‍යායට වඩා භාවිතාව පිළිබඳව නිමේශයකට විප්ලවය පැමිණ ඇති බවට ලෙනින් තර්ක කළේය.
ලෙනින් සහ බෝල්ෂෙවික් පක්ෂය විසින් ඉදිරි පත් කල ‘සාමය, පාන් සහ ඉඩම්’ යන සටන් පාටය විප්ලවය ජය ගැනීම සඳහා මුලොපියික වැදගත් කම දැරීමට හේතු වුයේ එය විවිධ වූ සමාජ කොටස් සහ ස්ථරයන් විශේෂයෙන්ම පලවෙනි ලෝක යුද්ධ යේදී පරාජය ට පත් වෙමින් සිටි සොල්දාදුවන් සහ ඔවුන්ගේ පවුල්,දුප්පතුන් සහ දුප්පත් කමින් සහ සාගිනෙන් පිඩා විඳි නාගරික කම්කරු පන්තිය සහ ඉඩම් අහිමිව සිටි බහුතරයක් ගොවි ජනතාව සමාජ ක්‍රමය පෙරලා දැමීමට සමගි කල හැකි වූ බැවිනි.ඒ සමගම කිසිම රැඩිකල් පියවරක් නොගෙන කල් මරමින් සිටි තිබුණ ප්‍රතිපත්තීන් වලම එල්ලී සිටි 1917 පෙබරවාරි විප්ලවයෙන් බලයට පත් වූ මෙන්ශේවික් ආණ්ඩුව අඩපන කිරීමට අලුත් බෝල්ෂෙවික් සටන් පාට සමත් විය.මෙන්ශේවික් ආණ්ඩුවට එරෙහිව සපලදායක වූ විකල්පයක් ඉදිරිපත් කිරීමට බෝල්ෂෙවික් පක්ෂයට හැකි විය.
විප්ලවයේ අධිනිශ්චය
ප්‍රංශ මාක්ස්වාදී දාර්ශනිකයෙකු වූ ලුවී අල්තුස්සර් ලෙනින් විසින් පැහැදිලි කල රුසියාව එවකට ‘අධිරාජ්‍යවාදයේ දුර්වල පුරුක වීම’ ඔහු සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගෙන් ගත් “අධිනිශ්චය” නම් සංකල්පය යොදාගැනීමෙන් විස්තර කලේ මෙසේය.’අධිනිශ්චය’ යනු විවිධ,චෙධ්නයවන සහ සපෙක්ෂ වශයෙන් ස්වයාත්ත හේතු එකට එකතු වීමෙන් ඇතිවන සුවිශේෂ ප්‍රතිපලයක් අදහස් කරනු ලබයි.මේ හේතුන් එකට ගැට ගැසීමෙන් විප්ලවීය පිපිරීමක් නිර්මාණය කරයි. 1917 රුසියාව මේ සියලු ප්‍රතිවිරෝධයන් එකට එකතු වීමෙන් විප්ලවීය ලෙස ‘පුපුරා යන ඒකීයත්වයක්’ නිර්මාණය කරනු ලැබිණ. මේ විප්ලවීය අවස්ථාව පෙන්නුම් කල අධිනිශ්චිත ප්‍රති විරෝධය වුයේ රුසියාවේ අධික ලෙස සංවර්ධිත කාර්මික නිෂ්පාදන බලවේගයන් සහ මධ්‍යකාලින රාජ්‍ය මෙවලම් /සමාජ සම්බන්ධතා අතර ප්‍රති විරෝධයයි.මෙය පාලක පන්තීන්ට විසඳිය නොහැකි තත්වයක් නිර්මාණය කල අතර පහල පන්තීන්ට විප්ලවය කරා ගමන් කිරීම ට පෙළඹවනු ලැබිණ. අල්තුස්සර් කරන පැහැදිලි කිරීම රටක විප්ලවීය තත්වයක් නිර්මාණය වෙමින් පවතින විට ගොඩ ගැසිය හැකි ප්‍රතිවිරෝධයන් ගොන්න එකිනෙකට වෙනස ව මෙන් ම එහි ඒකීයත්වය හඳුනා ගැනීමට අතිශයින්ම වැදගත් වෙයි.
කොටින්ම කියත්තොත් ලෙනින් විප්ලවයට පසුව පැහැදිලි කල පරිදි සමාජ විප්ලවය ඇති වන්නේ පාලක පන්තීන්ට පැරණි ආකාරයට සිය පාලනය ගෙනයාමට නොහැකි විට සහ පලිතයන්ට පරණ ආකාරයට තවදුරටත් ජිවත් විය නොහැකි වූ විටය. මෙය රුසියානු විප්ලවය සම්බන්ධයෙන් නිරීක්ෂණය වූ තත්වයක් වූ අතර ලෙනින් ‘ළදරු වලිප්පුව’ කෘතියේ මෙය පැහැදිලිව පෙන්වා දෙයි.
අවසානය
විප්ලවය ජයග්‍රහණය කලද එහි පැවැත්ම ගැන ලෙනින්ට විශ්වාසයක් පැවතුනේ නැත්තේ බලා පොරොත්තු වූ පරිදි ජර්මනිය,ප්‍රංශය සහ ඉතාලියේ සමාජවාදී විප්ලවය සිදු නොවූ බැවිනි.රුසියානු විප්ලවාදී ආණ්ඩුව ට පැරිස් කොමියුනයට අත් වූ ඉරනම අත්වනු ඇතයි ලෙනින්ට සැක සංකා පහල විය.පැරිස් කොමියුනය මස දෙකක ට ටික වැඩි කාලයක් තිබී පරාජය විය.සෝවියට් සංගමයට මාස තුනක් පරිපුර්න වූ පසු ලෙනින් එය සැමරූ බව කියනු ලැබේ.කෙසේ වෙතත් ලෙනින් සහ ට්‍රොට්ස්කි විස්වාශ කරනු ලැබුවේ සෝවියට් සංගමය ට යුරෝපිය ධනපති රටවල විප්ලවය සිදුවන තෙක් අල්ලා ගෙන සිටිය හැකි බවයි. නමුත් කාලයක් යනතෙක් සිදු වුයේ රුසියානු විප්ලවයේ බර ලෝක විප්ලවය මත පැට වීමත්, ලෝක විප්ලවයේ බර රුසියානු විප්ලවය මත පැට වීමත්ය. කෙසේ වුවද ලෙනින් විප්ලවය පරිධියේ රටවලට මාරුවන බව පෙන්වා දීම සහ ජාතික විමුක්ති ව්‍යාපාරයන් මේ ක්‍රියාවලියේදී ඉටු කරන කාර්‍යභාරය සහ එමගින් පරිධියේ රටවල දුක්විඳින ජනාතවගේ විමුක්තිය උදෙසා ගන්නා වෑයමට බෝල්ෂෙවික් විප්ලවයෙන් ලැබුන මග පෙන්වීම මෙහිදී අප සටහන් කල යුතුය.චීන විප්ලවයේ ජයග්‍රහණය සහ ඉන්දු චීනය ප්‍රංශ සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයෙන් මුදවා ගැනීම සහ පසු ගිය සියවසේ කියුබානු විප්ලවයේ ජයග්‍රහණය පිණිස බෝල්ෂෙවික් විප්ලවයේ ජයග්‍රහණය මගින් ඇතිකළ මහා විප්ලවීය චණ්ඩ මාරුතයෙන් මගින් කෘර සහ දුෂ්ට පාලක පන්තීන් ට දුන් අවසාන නිවේදනයද විය.ධනපති ක්‍රමය තව දුරටත් බහුතර ජනතාවගේ ප්‍රශ්න විසදීමට සමත් නොවන බව ඒ නිවේදනයයි. 1991දී රුසියානු විප්ලවය පරාජය වුවද, එහි සක්‍රීය මෙන්ම නිෂ්ක්‍රිය අත් දැකීම් සමාජවාදය ගොඩ නැගීම පිණිස විප්ලවාදී ව්‍යාපාරයන් විසින් ප්‍රයෝජනයට ගනු ඇත.

දයාපාල තිරාණගම

