අපි සිහින දැකිය යුතු වෙමු..!
වසර හැත්තෑපහකට පෙර, තවමත් බොහෝ දෙනා එතරම් හොඳින් නොදන්නා තරුණ විප්ලවවාදියෙක් කම්කරු පන්තියේ පෙරටුගාමීන්ගේ සාමූහික සංවිධානයක් වෙනුවෙන් වූ විප්ලවවාදී පුවත්පතක අවශ්‍යතාවය අවධාරණය කරමින් පත්‍රිකාවක් ලිවීය. ඔහු එය ලිව්වේ, තම රටේ ලේ වැකි ආඥාදායකත්වය යටතේ, නූතන කම්කරු ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා පළමු පියවර තැබූ නීති විරෝධී සමාජවාදීන්ගේ කුඩා කණ්ඩායම්වල ප්‍රයෝජනය සඳහා ය. මෙම පත්‍රිකාවේ සිහින දැකීමට (හෝ බලාපොරොත්තුවට) අදාල වූ වදන් පෙළක් අඩංගු වේ. මෙම පත්‍රිකාව කියවූ අසංඛ්‍යාත පාඨකයන්ගේ අවධානයට මෙම කොටස බොහෝවිට ලක් නොවීය. මෙන්න අදාළ ඡේදය:
‘අපි සිහින දැකිය යුතු වෙමු! – මම මේ වචන ලියූ සැනින් තැති ගතිමි. මම ‘පොදු සමුළුවක’ වාඩි වී සිටින බවත් මා ඉදිරිපිට Rabocheye Dyelo සංස්කාරකවරුන් සහ ලේඛකයන් සිටින බවත් මම මවා ගතිමි. Martynov සහෝදරයා නැඟිට, මා දෙසට හැරී දැඩි ලෙස මෙසේ පවසයි: ‘මට ඔබෙන් මෙසේ ඇසීමට අවසර දෙන්න, පක්ෂ කමිටුවල මතය පළමුව නොඅසමින් සිහින දැකීමට මෙවැනි ස්වාධීන කර්තෘ මණ්ඩලයකට අයිතියක් තිබේද?’ ඔහු පසුපසින් පැමිණෙන්නේ Krichevsky සහෝදරයා, ඔහු Martynov සහෝදරයාටත් වඩා දැඩි ස්වරයෙන් මෙසේ අසයි: “මම තවත් ඉදිරියට ගොස්, මාක්ස්වාදියෙකුට සිහින දැකීමට කොහෙත්ම අයිතියක් ඇත්දැයි මම ඔබෙන් අසමි. මාක්ස්ට අනුව මනුෂ්‍ය වර්ගයා සෑම විටම තමන්ට විසඳිය හැකි කර්තව්‍යයන් පවරා ගන්නා බවත්, උපක්‍රම යනු පක්ෂය සමඟ එක්ව වැඩෙන පක්ෂ කර්තව්‍යයන් වර්ධනය කිරීමේ ක්‍රියාවලියක් නොවේද?”
මෙම දැඩි ප්‍රශ්න ගැන සිතීමත් මගේ කොඳු ඇට පෙළ දිගේ සීතල වෙව්ලීමක් මුදා හරින අතර මම සැඟවීමට ස්ථානයක් හැර අන් කිසිවක් මා ප්‍රාර්ථනා කරන්නේ නැත. මම Pisarev ගේ පිටුපස සැඟවීමට උත්සාහ කරමි.
‘මගේ සිහිනය ස්වභාවික සිදුවීම් වල ගමනට වඩා ඉදිරියෙන් දිව යා හැකිය, නැතහොත් ස්වාභාවික සිදුවීම් වල ගමන කිසිදා සිදු නොවන දිශාවකට ස්පර්ශකව පියාසර කළ හැකිය. පළමු අවස්ථාවේ දී මගේ සිහිනය කිසිවකට කිසිදු හානියක් සිදු නොකරනු ඇත; එය වැඩ කරන මිනිසුන්ගේ ශක්තියට සහය වනු ඇත. ඇතැම්විට ඔවුන්ගේ ශක්තිය වැඩි කිරීමට පවා අවකාශ සලසනු ඇත. එවැනි සිහින තුළ ශ්‍රම බලය විකෘති කරන හෝ අඩපණ කරන කිසිවක් නැත. ඊට පටහැනිව, මිනිසාට මේ ආකාරයෙන් සිහින දැකීමේ හැකියාව සම්පූර්ණයෙන්ම අහිමි වී ඇත්නම්, ඔහුට කලින් කලට ස්වාභාවිකත්වයෙන් ඉදිරියට ගොස් මානසිකව ගැබ් ගැනීමට නොහැකි නම්, ඔහුගේ දෑත් හැඩයක් දෙමින් පවතින භාණ්ඩයක් සම්පූර්ණ හා සම්පූර්ණ කළ පින්තූරයක් තුළ නොදැකිය හැකි නම්, එවිට කලාව, විද්‍යාව සහ ප්‍රායෝගික උත්සාහය යන ක්ෂේත්‍රවල පුළුල් හා වෙහෙසකර වැඩකටයුතු කිරීමට සහ සම්පූර්ණ කිරීමට මිනිසා පොළඹවා ගැනීමට කුමන උත්තේජකයක් ඇත්දැයි මට කිසිසේත් සිතාගත නොහැක. . . .සිහින දකින පුද්ගලයා තම සිහිනය බැරෑරුම් ලෙස විශ්වාස කරන්නේ නම්, ඔහු ජීවිතය දෙස හොඳින් නිරීක්ෂණය කරන්නේ නම්, ඔහුගේ නිරීක්ෂණ අවකාශයේ පිහිටුවා ඇති පවුරු වළලු සමඟ සංසන්දනය කරන්නේ නම් සහ පොදුවේ ගත් කල, ඔහු තම ෆැන්ටසිමය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා හෘද සාක්ෂියට එකඟව ක්‍රියා කරන්නේ නම්, සිහින සහ යථාර්ථය අතර ඇති වූ විරසකයෙන් කිසිදු හානියක් සිදු නොවේ. සිහින සහ ජීවිතය අතර යම් සම්බන්ධයක් තිබේ නම් සියල්ල හොඳින් සිදු වනු ඇත”.
මේ කතුවරයාගේ නම ව්ලැදමීර් ඉලිච් ලෙනින් වේ. මේ ඡේදය ගනු ලැබුවේ කළ යුත්තේ කුමක්ද? යන්නෙනි. ලෙනින් විප්ලවවාදී රියල්පොලිටික්හි (Realpolitik) ශ්‍රේෂ්ඨතම ප්‍රකාශකයා ලෙස සැලකේ. පැහැදිලිවම, අපේක්ෂාව, බලාපොරොත්තුව සහ සිහින දැකීම ඓතිහාසික භෞතිකවාදයේ ප්‍රවර්ගයන් පමණක් නොව, විප්ලවවාදී රියල්පොලිටික් හී ද ප්‍රවර්ගයක් වේ.
–අර්නස්ට් මැන්ඩෙල්
අපේක්ෂාව සහ බලාපොරොත්තුව ඓතිහාසික භෞතිකවාදයේ ප්‍රවර්ග ලෙස
ආචාර්ය කල්ප රාජපක්ෂ සහෝදරයාගේ මුහුණු පොතිනි..

