NPP යේ මාලිමාව සහ පීඩිත ජනතාවගේ මාලිමාව
ජාතික ජනබලවේග ආණ්ඩුවක් නිර්‍මාණය කරගැනීමට මාලිමාවට ඡන්දය ලබා දුන් ජනතාව දැන් මාලිමාවේ සැබෑ ස්වරූපය තේරුම් ගනිමින් සිටින බව විපක්ෂය කියයි. එමෙන්ම ජාතික ජන බලවේගයේ දේශපාලනය සහ ජනතාව ජාතික ජන බලවේගයෙන් බලාපොරොත්තු වන දේශපාලනය අතර බොහෝ වෙනස්කම් ඇති බවද කියැවෙයි. ඒ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර් ථික විද්‍යා අධ්‍යයන අංශයේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය්‍ය, ආචාර්‍ය්‍ය කල්ප රාජපක්ෂ සමඟ “අරුණ” පුවත්පත කළ සාකච්ඡාවයි මේ.
ජාතික ජන බලවේගය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය දියාරු වෙමින් පවතිනවා කියලා ඇතැමුන් කියනවා. ඔබත් ඊට එකඟද?
මාලිමා දේශපාලනයට යම්කිසි ඉතිහාසයක් තියෙනවා. අපි ඒක නෑ කියන්නේ නෑ. ඒත් ඔවුන්ගේ දේශපාලනය වඩාත් තීව්‍රව ජනතාව අතරට යන්න යන්න බලපෑවේ ප්‍රධාන හේතු දෙකක්. පළමුවැන්න පැවැතුණු සම්ප්‍රදායික දේශපාලන තන්ත්‍රය සම්පූර්‍ණයෙන්ම ජනතාවට එපා වීම. දෙවැන්න 2022 දී සිදු වූ ජනතා නැගිටීම. මේ හරහා ක්‍රමය සහ පාලකයන් පිළිබඳව පොදු ජනතාව අතර නිර්‍මාණය වූ කෝපයත් ජනතාවට තෝරාගැනීම සඳහා වෙනත් කිසිදු විකල්පයක් නොමැති වීමත් කියන කාරණා මතයි ජාතික ජන බලවේගය වේගයෙන් ඉදිරියට පැමිණියේ. ක්‍රම වෙනස එහෙමත් නැත්නම් සිස්ටම් චේන්ජ් එක කියලා කියන්නේ මාලිමා දේශපාලනය විසින් ඇති කළ ප්‍රධාන දේශපාලන ප්‍රයෝගයක්.
ඔවුන් ක්‍රමයේ පවතින අර්‍බුදය ප්‍රධාන කාරණා දෙකකට ලඝු කළා. මහින්ද රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහලා ප්‍රමුඛ ප්‍රභූ දේශපාලන පන්තියත් වංචාව දූෂණය සහ පවුල්වාදයත් ක්‍රමය අවුල් කරන සංඝටක හැටියට ඔවුන් පෙන්නුවා. නමුත් ඇත්තටම සිස්ටම් එක කියලා කියන්නේ ධනවාදය කියලා පෙන්වන්න වාමාංශික කියැවීමක් හා වමේ ඉතිහාසයක් තියෙන, ප්‍රධාන තරුණ අරගල දෙකකට නායකත්වය ලබා දුන් පක්ෂයක් හැටියට ජනතා විමුක්ති පෙරමුණ මහන්සි ගත්තේ නෑ.
ක්‍රම වෙනසක් ඇති කරනවායැයි ජනතාවට බොරු පොරොන්දුවක් දීලා ජාතික ජන බලවේගය ආණ්ඩු බලය ලබා ගත්තා කියලද ඔබ ඔය කියන්නේ?
වාමාංගික පක්ෂවල දේශපාලනය සහ සමාජ වගකීම ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ බලය ඩැහැ ගැනීමේ සඳහා පමණක්ම නෙමෙයි. මහජනතාව එහෙමත් නැත්නම් පීඩිතයාව සවිඥානික දේශපාලන සත්වයෙක් බවට පත්කර ගැනීමත් එවැනි පක්ෂවල ප්‍රධාන වගකීමක්. ඒ නිසා ක්‍රමය සහ ක්‍රම වෙනස පටු අර්‍ථයෙන් පෙන්වීම, මේ පවතින ධනේශ්වර ක්‍රමයට විකල්ප ක්‍රමයක් සමාජගත කිරීමට උත්සාහ නොකිරීම හා ඒ සඳහා ජනතාව සවිඥානික නොකිරීම මාලිමාව අතින් වූ බරපතල වරදක්. ඒත් ඔවුන් ක්‍රමය වෙනස් කරනවා කියලනේ බලය ගත්තේ. ඒක තමයි මාලිමා දේශපාලනයේ ගැඹුරින්ම සටහන් වූ ව්‍යාජය. ඒ නිසා ජාතික ජන බලවේගයේ මාලිමාව කියලා කියන්නේ පීඩිත මහජනතාවගේ මාලිමාව නෙමෙයි.
ජාතික ජන බලවේගයේ මාලිමාව සහ පීඩිත ජනතාවගේ මාලිමාව කියලා ඔබ ඉහතින් සඳහනක් කළා. ඒ ගැන තවදුරටත් පැහැදිලි කළොත්?
මාලිමාවක් නම් ජනතාවට දේශපාලනයේ සැබෑ දිශානතිය පෙන්වා දිය යුතුයිනේ. ජනතාව මාලිමාවෙන් බලාපොරොත්තු වෙන්නේ එවැන්නක් වුණත් මේ මාලිමාව කරමින් ඉන්නේ වෙනත් දෙයක්. ජාතික ජන බලවේගයේ මාලිමාව ඔවුන්ට බලය ලබා ගැනීම සඳහා සුවිශාල ඡන්ද පදනමක් ලබාදුන් ජනතාව මූලධාර් මිකව නොමඟ යවමින් කටයුතු කරනවා. ඔවුන් ඔවුන්ගේ බොරු වලින් ජනතාව නොමඟ යවනවා. ඒ වගේම ඒ බොරුවලින් ඔවුනුත් රැවටෙනවා.
ජාතික ජන බලවේගය තමන්වත් රවටා ගනිමින් ජනතාවත් නොමඟ යවනවා කියලා කියන්නේ ඇයි?
ජනතාව නොමඟ යැවීමට කියන බොරුව වඩාත් හොඳ බොරුවක් නම් ඒ බොරුවෙන් තමාව රවට්ටා ගැනීමයි ඇතැම් දේශපාලඥයෝ මුලින්ම කරන්නේ. එහෙම කළොත් විතරයි ඇත්තක් ලෙස පෙන්වමින් බොරුව සමාජගත කරන්න හැකියාව තියෙන්නේ. මාලිමාවත් ඉන්නේ විශාල නොමග යෑමක කියලා මම කියන්නේ ඒකයි. මාලිමාවේ විවිධ පාර්‍ශව එකම කාරණයක් ගැන වුණත් කියන්නේ එකිනෙකට වෙනස් අදහස්. උදාහරණයක් ගත්තොත් ආර් ථික ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලාල් කාන්ත මන්ත්‍රීවරයා එක කතාවක් කියද්දි පක්ෂයේම තවත් කෙනෙක් ඒ කතාවට සම්පූර්‍ණයෙන්ම ප්‍රතිවිරුද්ධ කතාවක් කියනවා. කොහොම වුණත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය තුළ යම්කිසි සාමූහිකත්වයක් හා එක අදහසක් තිබුණා. ඒත් ජාතික ජන බලවේග දේශපාලනය තුළ එවැනි සාමූහිකත්වයක් නෑ හෝ එකඟතාවයක් නෑ.ඒක සම්පූර්‍ණයෙන්ම විකාරයක් බවට පත්වෙලා තියෙන්නේ. යම් යම් පාර්‍ශව වලින් එන අදහස්වලින් ඒ බව හොඳින්ම පැහැදිලි වෙනවා.
ඔබ ඔහොම කිව්වට මාලිමාවේ ක්‍රියාකාරීත්වය ගැන ජනතාව බොහොම පැහැදීමකින් ඉන්නේ කියලා ආණ්ඩුව කියනවනේ?
මාලිමාවේ ක්‍රියාකාරිත්වය ගැන සමහරු විශාල වශයෙන් සතුටු වෙන බවක් අපිටත් පේනවා. එක අතකට ඒ විදිහට සතුටු වීමේ වරදකුත් නැහැ. ඒ සඳහා සාධාරණ හේතු තියෙනවා. නමුත් සමාජයක් හැටියට අපි දේශපාලන අත්දැකීම් වලින් පන්නරයක් ලබන්නේ නැත්නම් සහ පවතින සරල දේශපාලනයෙන් පමණක් සතුටු වෙනවා නම් ඒක බරපතළ වැරැද්දක්. උදාහරණයක් හැටියට සඳහන් කළොත් යහපාලන ආණ්ඩුව ඇතිවුණාට පස්සේ ජනතාව තුළ රාජපක්ෂවරු පරාජ කළා කියලා ලොකු ප්‍රබෝධයක් තිබුණනේ. දැන් රාජපක්ෂවරුන් සහ ප්‍රභූ දේශපාලනය අවසන් කරන්න මාලිමාවට සහය දුන්නා කියලත් ජනතාව ඒ විදිහටම සතුටු වෙනවා. ඒත් වාමාංශික උරුමයක් තිබූ ජනතා විමුක්ති පෙරමුණ තුළ ඉතිරි වෙලා තිබුණු මූලධර්‍මත් ජාතික ජන බලවේගය විසින් පැහැර හැරලා කියලා දැන් අපිට පේනවා. ජාතික ජනබලවේගය සුවිශාල පාවාදීමක් එක්කයි මේ දේශපාලන ගමන යන්නේ. ඒ නිසා මාලිමාවේ මේ දේශපාලන ජයග්‍රහණයේ සමාජයට නොපෙනෙන විශාල පිරිවැයක් තියෙනවා. වාමාංශික දේශපාලනය සඳහා බොහොම කැපකිරීමෙන් කටයුතු කළ කවුරුන් හෝ මේ ලිපිය කියවනවා නම් මම මේ කියන කාරණය මොකක්ද කියලා ඔහුට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.
ජාතික ජනබලවේග ආණ්ඩුවේ මංගල අයවැය ගැන ඔබට මොකද හිතෙන්නේ?
මම මුලින් සඳහන් කළ ආකාරයට ජාතික ජන බලවේගය තුළ තියෙන මාලිමාව සහ ජනතාව බලාපොරොත්තු වන මාලිමාව අතර ලොකු වෙනසක් තියෙනවා කියලා තහවුරු කරන්න තියෙන හොඳම උදාහරණ අතරින් එකක් තමයි අයවැය කියන්නේ. ජාතික ජන බලවේගයේ න්‍යායාචාර්‍ය්‍යවරු සහ එම දේශපාලනය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින ප්‍රභූවරු, ආචාර්‍ය්‍ය, මහාචාර්‍ය්‍යවරු ” ජනතාවාදී අයවැයක්” ලෙසයි මේ අයවැය හැඳින්වූවේ. නමුත් ඇත්තටම මේ අයවැය සම්පූර්‍ණයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වාදී අයවැයක් බව ඉතාම පැහැදිලියි.
ඒ වගේම අපි විශාල ආර් ථික වර්‍ධනයක ඉන්නේ කියලා ජාතික ජන බලවේගය පෙන්වන්න උත්සාහ කරනවා. සමහර ක්ෂේත්‍රවලට යම්කිසි වැටුප් වැඩි කිරීමක් කරලා තිබුණාට තවත් ක්ෂේත්‍ර ඒ අයට අමතකම වෙලා ගිහින්. විශේෂයෙන්ම අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වගේ කෙනෙක් දිගින් දිගටම පෙනී සිටි කාරණාවක් වන “අධ්‍යාපනය සඳහා සියයට හයක්” යන්න ඔවුන්ට අමතක වෙලා. අඩුම තරමෙන් ඒ සඳහා සියයට දෙකක්වත් වෙන් කරගන්න බැරිවෙලා. ඒ එක්කම විශාල ආරක්ෂක පිරිවැයක් තවමත් මේ රජය විසින් ක්‍රියාත්මක කරගෙන යනවා.
අනෙක මේ අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට දැනෙන වැටුප් වැඩි කිරීමක් කළා කියලා ආණ්ඩුව කියනවා. ඒත් වැටුප් වැඩි වැඩි කිරීම විශාල අර්‍බුදයකට ගමන් කරලා තියෙන්නේ. අවුරුදු තුනකින් වැඩිවෙන වැටුප් වැඩි කිරීමක් ගැනයි ආණ්ඩුව කියන්නේ. මේ අවුරුද්දේ බොහෝ දෙනෙක්ගේ වැටුප වැඩිවෙන්නේ ඉතාමත් සුළු මුදලකින්. ඒ නිසා අපි මේ අයවැයට කියන්නේ ඩබල් පික් පොකට් අයවැයක් කියලා. මේ අයවැයෙන් මේ පරම්පරාවේ මෙන්ම ඉදිරි පරම්පරාවේ පවා පොකට් එකට තට්ටු කරලයි තියෙන්නේ.
අවුරුදු තුනකින් වැඩිවෙන වැටුප් වැඩිවීම පහළම වැටුප් තලවලට, ඒ කියන්නේ ආර් ථික අර්‍බුදයෙන් බරපතළ විදිහට පීඩාවට පත්වුන පන්තියේ පහළම තලයට, දැනිලා තියන්නේ කොහොමද කියන කාරණය සමාජයේ ඉදිරියේදී සාකච්ඡා වෙන මාතෘකාවක් වෙනු ඇති. ඒ වගේම පුද්ගලික සහ වතු අංශ වල වැටුප් සහ ඒ අංශයේ ශ්‍රම සූරාකෑමේ ස්වභාවයන් ජනතාවගේ ඉදිරියේදී මතු වීමට නියමිතව තිබෙනවා. ඇතැම් මහාචාර්‍ය්‍යවරු සහ වෘත්තිකයන් වේදිකා උඩ තමන්ගේ වැටුප් වැඩිවීම ගැන අවස්ථාවාදීව පුරසාරම් කියද්දී විශ්වවිද්‍යාල පද්ධතියේ අනධ්‍යයන සේවකයාගේ සහ සේවිකාවන් වැටුප් වලට කුමක් සිදු වී ඇත්ද කියලා සොයා බලා තිබේද? ඇඟලුම් පැක්ටරි සේවක සේවිකාවන්ට අප්‍රේල් වැටුප් සහ දීමනා ඉල්ලලා පැක්ටරිය වටලන්න වෙන රටක අපි ජීවත් වෙන්නේ.
VAT බද්ද, රාජ්‍ය වියදම් අඩු කිරීම සහ ආයෝජන යාන්ත්‍රණය ඉන්දියාව ඇතුළු අධිරාජ්‍යවාදී බලවේග වලට නතු කිරීම හරහා මේ ආණ්ඩුව නවලිබරල් ආර් ථික වට්ටෝරුව පිළිගනිමින් ඉන්නවා. ඒ ගැන සතුටු වෙන්නේ මේ රටේ ඉන්න අන්ත දක්ෂිණාංශික බලවේග පමණ යි.
ජාතික ජන බලවේගය බලය ලබාගන්න කලින් කිව්වේ එක දෙයක්. දැන් කරන්නේ තවත් දෙයක් කියලා මතයක් සමාජයේ තියෙනවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?
පැහැදිලිවම මාලිමා දේශපාලනයේ කතාවල සහ ක්‍රියාවල පරස්පරයක් තියෙනවා. රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදෙනවා කියලා බලය ගන්න කලින් ඔවුන් පොරොන්දු වුණා. ඒත් පහුගිය දවසක රැකියා විරහිත උපාධිධාරීන් කළ උද්ඝෝෂණයකට පොලීසය පහර දුන්නා. ඒ විතරක් නෙමෙයි සම සෞඛ්‍ය පීඨවල සිසුන් තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් කළ ක්‍රියා මාර්‍ගයට රෑ දෙකට විතර රනිල් වික්‍රමසිංහගේ ස්වභාවයේ ප්‍රහාරයක් එල්ල වෙනවාත් අපි දැක්කා. කවුරුත් කැමරා කරන්නේ නැති වෙලාවක මහජන අවධානය යොමුවෙන්නෙ නැති වෙලාවක ඒ විදිහට මර්දනය කිරීමේ ක්‍රමය ගෙනාවේ රනිල් වික්‍රමසිංහ. ඒ ආකාරයේම මර්‍ධනයක් දැන් ජාතික ජන බලවේගයත් ක්‍රියාත්මක කරනවා. ඔවුන් ශිෂ්‍ය දේශපාලනය මර්‍ධනය කරගෙන යනවා. අනෙක් පැත්තෙන් සමාජ ක්‍රියාකාරීන් ලෙස ක්‍රියාකාරී දේශපාලනය නිරත වන්නන්ටත් ආණ්ඩුව බරපතළ පහර ගහනවා. ඇත්තටම ජාතික ජන බලවේගය බලය ලබාගන්න පෙර සිටම තමන්ගේ පන්තිය පාවා දුන්නා.
දැන් බටලන්ද පිළිබඳ සාකච්ඡාවක් මතුවෙලා තියෙනවනේ. ඒ බටලන්ද සිදුවීමේදී බොහෝ දෙනෙක් මියගියේ , 87 89 කාලේ මියගිය බොහෝ දෙනෙක් අරගල කළේ නව ලිබරල් වාදයට එරෙහිවයි. කොහොම වුණත් මේ අයට බටලන්ද සිදුවීම සම්බන්ධයෙන් ක්‍රියා කරන්න වෙනවා. හැබැයි එහෙම කරන්න වෙන්නේ නව ලිබරල් ව්‍යාපෘතියක් අනුගමනය කරන අතරතුරමයි. ඇත්තටම මේ තමයි දේශපාලනය තුළ ඉතිහාසය ඔවුන්ට සරදම් කරන විදිහ. ඒ නිසා නිර්‍ධන පංතිය සහ නව ලිබරල් වාදයට එරෙහිව අරගල කළ බොහෝ දෙනෙක් පාවාදුන් පක්ෂයක් හැටියටයි ජාතික ජන බලවේගයට කටයුතු කරන්න වෙන්නේ. ඒ නිසා ඔය කියන තරම් වේගයෙන් සහ ඒ අයට අවශ්‍ය වේගයෙන් මේ ආණ්ඩුවට දුවන්න වෙන්නේ නැහැ.
2028 ණය ගෙවීම ආරම්භ වුණාම නැවැතත් ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පතන්න වෙයිද?
ඒක තමයි මේ අයගේ සැලසුම. අපි මෙහෙම කියද්දි ආණ්ඩුවට ප්‍රතිවිරුද්ධව අදහස් දක්වනවා කියලා කාට හරි හිතෙන්න පුළුවන්. ඒත් අපි මේ දේවල් කියන්නේ ජාත්‍යන්තරයේ තත්ත්වය තුලනාත්මකව අධ්‍යයනය කිරීමෙන් පසුවයි. අනෙක දැන්වත් ප්‍රතිවිරුද්ධ මත වලටත් යම් තරමකින් හෝ ඇහුම්කන් දීමේ ශික්ෂණයක් මේ සමාජයට තිබිය යුතුයි. අපි මේ කියන කාරණාවට ග්‍රීසිය ආර් ජන්ටිනාව වගේ රටවල් උදාහරණ සපයනවා.
ජාතික ජන බලවේග ආණ්ඩුවට වැඩි ආයුෂ නැහැ කියලා කියන කතාව ගැන ඔබට මොකද හිතෙන්නේ?
ලංකාවේ දක්ෂිණාංශික ජාතිකවාදී දේශපාලන පක්ෂවල දේශපාලනය දැන් අවසන්. අවුරුදු දහයකින් මෙහා විශාල බලමාරුවක් වෙන්නේ නැහැ කියන එකයි මගේ නම් දැක්ම. ඒත් හදිසියේවත් නැවැත මූල්‍ය අර්‍බුදයක් ලංකාවෙ මතු වුණොත් ජාතික ජන බලවේග දේශපාලනය වගේම ලංකාවේ වාමාංශික දේශපාලනයත් දැවැන්ත අර්‍බුදයකට ගමන් කරනවා. මොකද ජාතික ජන බලවේගය ජනතාවගෙන් බලය ලබා ගත්තේ වාමාංශික දේශපාලනයේ නාමයෙන්. ඒ නිසා වමේ දේශපාලනය ගැන හිතන අය ඉන්නවනම් වහාම වෙනත් දේශපාලන විකල්ප ගැන හිතන්න කියලා අපි කියනවා. විශේෂයෙන්ම වෘත්තිය සමිතිවලට කම්කරු දේශපාලනයේ නිරත වන්නන්ට අපි ඒ බව අවධාරණය කරනවා. නමුත් මේ ආණ්ඩුවේ ආයුෂ කෙටි වෙන්න කියලා අපි කිසිම වෙලාවක ප්‍රාර්‍ථනා කරන්නේ නැහැ.
දැන්වත් ජනතාව ජන අරගල සන්ධානය සමග එකතු විය යුතුයි කියලාද ඔබ ඔය නොකියා කියන්නේ?
අපිත් එක්ක එකතු වෙන්න කියලා කියන එකේ තේරුම පක්ෂයක් එක්ක එකතු වෙන්න කියන එක නෙමෙයි. නිර්‍ධන පංතියට බලය රැගෙන යාමයි අපේ දේශපාලනය. ඒ තුළ පක්ෂයකට කාර්‍ය්‍යභාරයක් තියෙනවා කියලා අපි පිළිගන්නවා. නමුත් ඊටත් වඩා කම්කරු පන්තියේ ප්‍රබල දේශපාලන ව්‍යුහයක් විය යුතුයි යන්නයි අපේ බලාපොරොත්තුව. අපි කියන්නේ බලය අපිට දෙන්න කියලා නෙමෙයි. බලය ජනතාව ළඟ තියාගන්න කියලයි. අපිට අවශ්‍ය වෙන්නේ පහළ සිට ගොඩනැගෙන ව්‍යුහයක්. ඒ සඳහා කම්කරුන්ට, නිර්‍ධන පංතියට, වෘත්තීය සමිති වලට සහ සමස්ත ජනතාවට ලොකු වගකීමක් තියෙනවා.