සංක්‍රාන්ති සමයක ආර් ථිකය ගොඩ ගැනීමේ ප්‍රශ්නය?
හතරවෙනි ලිපිය
පහුගිය සතිය සිද්ධීන් දෙකක් නිසා මේ සාකච්ඡාවට වැදගත් ය. මැයි 27 වෙනිදා පැවැත්වුණ සම්මන්ත්‍රණය එහි මූලික තේමාව ලෙස දැක්වූයේ ‘නව ලිබරල්වාදයට එරෙහිව ඉදිරිපත් කළ හැකි විකල්පය’ ය.
කථිකයන් කිහිප දෙනෙකුම අවධාරණය කළේ එම විකල්පය වන්නේ කාර් මීකකරණය යන්නයි. සුනිල් අභයවර්ධන සහ ශිරාන් ඉලන්පෙරුම මෙම අදහස ශක්තිමත්ව ඉදිරිපත් කළහ.
එහිදී, මූල්‍ය ප්‍රතිපත්තිය යොදාගත් ආකාරයන් සුනිල් සහ ගයන්ත දෙහිවත්තගේ පෙන්වා දුන්හ. ශ්‍රී ලංකාවේ උද්ධමනය පහුගිය කාලයේ ඉහළ ගියේ මුදල් සැපයුම වැඩ්වීම නිසාය යන මිථ්‍යාව ඔව්හු බිඳ දැමූහ. ආර් ථික අර්‍බුද හා අසමතුලිතතාවයන් කාර් මීකකරණය වූ රටවල අවම වන්නේය යන අනුභූතිකව සනාථ වී ඇති බව ශිරාන් තහවුරු කලේ ය.
දෙවෙනි සිදුවිම වූයේ කාර් මික ප්‍රතිපත්තියක් සැකසීමට ඊට නායකත්වය දිය හැකියැ යි ඔහු සිතන පිරිස් සමග ජනාධිපතිවරයා කළ සාකච්ඡාව ය. මේ සාකච්ඡාවේදී පැමිණි තීරණ ගැන තොරතුරු මට ලැබී නැත.
සංවර්‍ධනයේ සමාජයීය හා තාක්ෂණික මානයන්!
සංවර්‍ධන ක්‍රියාවලියක ප්‍රධාන මානයන් දෙකකි. නිෂ්පාදන මාදිළිය (mode of production) ගැන එකිනෙකට තරමක් වෙනස් අර්‍ථ කථනයන් කිහිපයක් මාක්ස්ගේ රචනාවල දැකිය හැක. තැනෙක නිෂ්පාදන මාදිළිය පටු අරුතින් තාක්ෂණික එකක් ලෙස හේ පෙන්වයි. පුලුල් අරුතින් එය තේරුම් කරන්නේ ඓතිහාසිකව ගොඩ නැගුන සමාජ-ආර් ථික ක්‍රමයක් ලෙස ය.
වැඩවසම් නිෂ්පාදන මාදිළිය (feudal mode of production), ධනේශ්වර නිෂ්පාදන මාදිලිය (capitalist mode of production) වැනි පද යොදාගන්නේ එවන් පුලුල් අරුතකිනි. ඒ තේරුමෙන් නිෂ්පාදන මාදිලියක් යනු නිෂ්පාදන බලවේගයන්ගේ (forces of production) සහ නිෂ්පාදන සම්බන්ධතාවයන්හි (relations of production) මනා සංයෝගයකි. සරලව ගත්විට, ආර් ථික වෘද්ධිය යනු නිෂ්පාදන බලවේගයන්හි අවිච්ඡින්න වර්‍ධනය ය (අර්නස්ට් මැන්ඩෙල්)
තව ටිකක් සරල කරන්නේ නම් නිෂ්පාදන බලවේගයන් යොමුවන්නේ නිෂ්පාදනයේ තාක්ෂණික සහ ශිල්පීය මානයන් වෙත ය. අනෙක් අතින් සමාජ සම්බන්ධතා යන්න නිෂ්පාදන ක්‍රියාවලියේදී ගොඩ නැගෙන මානව සම්බන්ධතා වෙත අප හරවයි. නිෂ්පාදන මාදිලිය ගැන කථා කිරීමේදී මේ මානයන් වෙන්කරලන චීන මහා ප්‍රාකාරයක් ඇතැයි නොසිතිය යුතු ය.
කාර් මීකකරණය ඇයි?
අපි නැවත අපේ මාතෘකාවට හැරෙමු. ආර් ථික වර්‍ධනයේ දී කාර් මීකකරණය උත්කර්‍ශණය කෙරෙන්නේ එහි තාක්ෂණික චරිතාංග කිහිපයක් නිසා ය. ඒවා හදුනාගැන්ම වැදගත් ය. එකී චරිතාංග ඒ අයුරින් කෘෂිකර්‍මයෙහි දැකිය නොහේ.
- කාර් මික භාණ්ඩ වැඩි වැඩියෙන් නිෂ්පාදනය කිරීමේදී ඒවායේ ඒකක පිරිවැය අඩුවේ. එයට හේතුව, නිෂ්පාදන පරිමාව වැඩි කරනවිට පරිමාණානුකූල ඵල (increasing returns and economies of scale) ලැබෙන හෙයිනි. කෘෂිකාර් මික භාණ්ඩවල තත්ත්වය මීට වෙනස් ය. (කෘෂිකර්‍මය කාර් මීකකරණය සමග මේ නි ගමනය කිසියම් ප්‍රමාණයකට වෙනස් වේ.)
- කාර්මික භාංඩ නිෂ්පාදනය විෂයයෙහි නව සොයාගැනීම් සහ තාක්ෂණ වෙනස්වීම් අවිච්ඡින්න සහ වේගවත් වේ. එමෙන්ම ඒ තාක්ෂණික පරිවර්තන ඉක්මනින් නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනේ.
- කාර් මීකකරණය පොකුරු ප්‍රතිවිපාක (cluster efffects) සහ සමක්‍රියා (synergies) වලට මංපාදන්නේ ය. එනම් කාර් මීකකරණය බොහෝවිට සිදුවන්නේ පොකුරක් හැටියට ය.
සම්ප්‍රදායික ආර් ථික විද්‍යාව තර්‍ක කරන්නේ, මේ සමස්ත ක්‍රියාවලිය අදෘශ්‍යමාන හස්තය මගින් ක්‍රියාත්මක වන බව ය. එසේ වුවද, එකී නව සම්භාව්‍ය තර්‍කය ඓතිහාසික හා ආනුභූතික සාක්ෂි මගින් අනාථ වන්නකි.
අපි උදාහරණ කිහිපයක් දෙස හැරෙමු. මෙහි ලා අපට ලොකුවට හාරා අවුස්සා බැලීම අවශ්‍ය නොවේ. අප බොහෝ දෙනෙකු රොබින්සන් කෲසෝ පොත ගැන අසා ඇත. එහි කතුවරයා ඩැනියෙල් ඩෙෆෝ ය. ඔහු ලියූ තවත් අප්‍රකට පොතක් ගැන කේම්බ්‍රිජ් මහාචාර්‍ය්‍ය වරයෙකු වූ හා ජූන් චෑන් සඳහන් කරයි. (Bad Samaritans: Myth of Free Trade and the Secret History of Capitalism)
අප හැමෝම සිතන්නේ එංගලන්තයේ කාර් මීකකරණය නිර්‍බාදවාදී පිළිවෙත්වල ඵලයක් බවයි. වටිනාකම් පිළිබඳ න්‍යායේ ක්‍රියාකාරිත්වය මගින් සිදුවූවක් බවයි. ඩිෆෝ පෙන්වාදෙන පරිදි ටියුඩර් රාජවංශය ආරක්ෂණවාදය, සානුබල, ඒකාධිකාරී අයිතිය පමණක් නොව කාර් මික, තාක්ෂණ සොරකම් මගින් බ්‍රිතාන්‍ය කර්‍මාන්ත නගා සිටුවීමට දෘශ්‍යමාන තලයේම ක්‍රියා කළේ ය. බ්‍රිතාන්‍ය කාර් මීකකරණය හුදු තාක්ෂණික සහ ශිල්පීය විප්ලවයක් පමණක් නොව සමාජ සම්බන්ධතා ක්ෂේත්‍රයේද ඇති වූ පරිවර්‍කනයක ප්‍රතිඵලයක් ලෙසයි, එරික් හොබ්ස්බෝම් නම් ඉතිහාසඥයා දකින්නේ.
ධනවාදය වර්‍ධනය වන්නේ සහ වූයේ වැඩවසම් සමාජ ගර්‍බාෂය තුළ ය. වටිනාකම් පිළිබඳ න්‍යාය සහ ප්‍රාථමික ප්‍රාග්ධන සමුච්චනය හරහා එය ආධිපත්‍ය නිෂ්පාදන මාදිලිය බවට පත් කිරීම සිදුවූයේ රාජ්‍යයේ බලය ධනපතීන් අතට මාරුවීමේ අසම්පූර්‍ණ ක්‍රියාවලිය හරහා ය.
එහෙත් සමාජවාදී නිෂ්පාදන මාදිලියක් එසේ ඇතිවන්නේ නැත. ඒ සඳහා කම්කරු- ගොවි ආණ්ඩුවක් ඇතිවීම අනීවාර්‍ය වේ. කම්කරු- ගොවි ආණ්ඩුව සමාජවාදී සමාජය නිර්‍මණය මෙහෙයවයි. කම්කරු- ගොවි ආණ්ඩුව (බ්‍රිතාන්‍යය වැනි රටවල මෙය ඇත්තටම කම්කරු ආණ්ඩුවකි) ගොඩ නැගුණේ ධනේශ්වර ක්‍රමය ශක්තිමත්ව නොපිහිටුවූ රටක නම් (රුසියාව වැනි) එම ආණ්ඩුව වටිනාකම් පිළිබඳ න්‍යාය සහ ප්‍රාථමික සමාජවාදී සමුච්චනය පිළිබඳ න්‍යාය ප්‍රවේශමෙන් සංකලනය කොට ක්‍රියාවට දැමිය යුතු වේ. මේ හරහා කිසියම් ආකාරයක කතුරු අබ්‍රුදයක් (scissors crisis) ඇතිවීමට ඉඩ ඇත.
පළමුවැන්නට (වටිනාකම් පිළිබඳ න්‍යායට) වැඩි බරක් දුනහොත් ධනවාද ප්‍රතිෂ්ඨාපනය විය නොහැක්කේ නොවේ. කතුර සම්පූර්‍ණයෙන් වැසුවහොත්, ආර් ථිකය වර්‍ධනය ඇණ හිටීමට ඉඩක් ඇරේ.
මෙතනදි මම මාවත් දෙකක් දකිමි. පළමුවැන්න, මා හඳුන්වන්නේ බෝල්ෂෙවික් සිහින මාදිළිය ලෙස ය. ඒ අදහස් ලෙනින්, ට්‍රොට්ස්කි සහ ප්‍රිඔබ්‍රසෙන්ස්කි ලියවිලිවල දැකිය හැක. දෙවැන්න, පසු-මාක්ස් (late- Marx) ක්‍රමය ලෙස මම හඳුන්වමි. මාක්ස්ගේ පසුකාලීන ලිපිමත මෙය ගොඩ නැගිය යුතු වේ.
සුමනසිරි ලියනගේ ලියයි.