වෘද්ධිය ඇනහිටි රටවලට ඇරී ඇති සමාජවාදී වෘද්ධි මාවත් දෙක!
පස්වෙනි ලිපිය
මෙම මාවත් දෙකෙන් පළමුවැන්න පහුගිය සටහනේ මා හැඳින්වූයේ බෝල්ෂේවික් සිහින මාවත ලෙස ය. මා මීට පෙර සඳහන් කළ පරිදි, බෝල්ෂේවික් පක්ෂ නායකයනට සමාජවාදය ගොඩනැගීම සඳහා විස්තරාත්මක සහ ප්‍රවේශමෙන් ගොඩ නගාගත් පිඹුරුපතක් තිබින. එම පිඹුරුපත සාර්ථකව ක්‍රියාවට දැම්මේ නම් එහි සමාජවාදී වෘද්ධි විභවයක් තිබින.
එශේ වුවද, ඒ ව්‍යායාමය අවසන් වූයේ තවත් ඉස්ටෆාන් මෙසරෝස් නම් කළ පරිදි තවත් ප්‍රාග්ධන ක්‍රමයක් (capital system) බිහි කරමිනි. ඒ හේතු ගණනාවක් නිසා ය. මෙකී බෝල්ෂේවික් සැලැස්ම එක් අතකින් ගත්විට උපන්‍යාසයකට වැඩි යමක් නොවීයැ යි යමෙකුට පෙන්වා දීමට බැරි නැත. කෙසේ වුවද, එකී සැලැස්මේ ප්‍රධාන චරිතාංග ලැයිස්තුගත කෙරීම ප්‍රයෝජනවත් වේ.
- පසුගාමී ධනවාදයේ සිට සමාජවාදය දක්වා පරිවර්තනය වන සංක්‍රාන්ති සමයේ රාජ්‍යය, වැඩකරන ජනතාව මත පදනම් වූ නිර්ධන පංති ආඥාදායකත්වයක් (the dictatorship of the proletariat) විය යුත්තේ ය.
- 1. වැඩකරන ජනතාව සෝවියට් හරහා රාජ්‍යකරණයට සක්‍රීයව හවුල් වේ.2. 2. නිලධරයේ (bureaucracy) හා නිලධර 2. හමුදාව ක්‍රමයෙන් වියැකී යෑම ආරම්භ වියයුතු වේ. ආඥාදායකත්ව තන්ත්රයක් යටතේ පූර්ණ සහ වර් ධිත කම්කරු 3.ප්රජාතන්ත්රවාදයක නොගැලපීම පිළිගත යුතු වේ (ට්‍රොට්ස්කි)
- එසේ වුවද, ප්රජාතන්ත්රවාදයට පැන වූ සීමා ක්‍රමානුකූලව ලිහිල් කළ යුතු වේ.
- වෘත්තීය සමිති නායකයන්, නිලධාරින් වැනි කුලක වෙනුවට, කර්මාන්ත කම්කරු කාණ්ඩ (factory cells) වලට ප්‍රමුඛත්වය දිය යුතු වේ. (ට්‍රොට්ස්කි)
- වෘත්තිය සමිති රාජ්‍යයේ සහ පක්ෂයේ අවයව බවට පත් කරනු (ට්‍රොට්ස්කි සහ බුකරින්) වෙනුවට පංතියේ ස්වාධීන ආයතන ලෙස පැවතීමට ඉඩ සැලසිය යුතු ය (ලෙනින්).
- විප්ලවය ජයග්‍රහණය කරනු ලැබුවේ ගොවි ජනතාව බහුතරය වූ රටක හෙයින්, නගරයට සහ සිවිල් යුද්ධය සඳහා කෘෂි නිෂ්පාදිත සැපයුම සහතික කලයුතු විය. යුද කොමියුනිස්ට් (war communism) සමයෙහි බලය යොදා ගත්තද, එය දීර්ඝකාලීන විසඳුමක් නොවේ. මේ නිසා වෙළෙඳ පොල ක්‍රියාත්මක කිරිම (law of value) සහ බදු ක්‍රමය (ද්‍රව්‍ය වලින් සහ මුදලින්) යොදා ගැන්ම අවශ්‍ය වන්නේ ය.
- 1. ගොවි සමාජයේ පංති බේරීම් ගැන සැලකිලිමත් විය යුතු වේ.
- ආර් ථිකයේ රාජ්‍ය අංශය සහ සමස්ත ආර් ථිකය රාජ්‍ය සැලසුම් අධිකාරය යටතට ගෙන ආ යුතු වේ. (ට්‍රොට්ස්කි ප්රිඔබ්රසෙන්කි සහ පසුව ලෙනින්).
- විදේශ වෙළදාම, බැංකු ක්‍රමය, සහ විශාල කාර් මික ආයතන රාජ්‍ය අයිතියට හා පාලනයට යටත් කළ යුතු වේ.
- 1. රාජ්‍ය නොවන ආයතන බදු ක්‍රමය යටතට ගෙන ආ යුතු වේ.
- මුදලේ අගය සහේතුක සීමාවක් තුළ ස්ථාවරව පවත්වාගත යුතු වේ.
- සුලු නිෂ්පාදන, වෙළඳාම අංශයන්හි සමුපකාර ක්‍රමය යොදාගත යුතු වේ.
- සමාජවාදි අංශයන්හි තාක්ෂණය, අලුත් සම්පත් (ප්රාග්ධනය නොවේ) ප්‍රවර්ධනය සඳහා ප්‍රාථමික සමාජවාදී සමුච්චනය ගොනුකළ යුතු වේ. (ප්රිඕබ්රශෙන්ස්කි)
- ජාත්‍යන්තර විප්ලව රැල්ල රුසියාවේ වුවමනාවට යට කරනු වෙනුවට එම පක්ෂ සහ සංවිධාන වලට නිවැරදි විප්ලවීය මාවතක් පෙන්වා දීමට ජාත්‍යන්තරය යොදාගත යුතු වේ.
- රජය තුළ මෙන්ම පක්ෂය තුළද සහේතුක මට්ටමින් ප්රජාතන්ත්රවාදය සපථ කළ යුතු වේ.
මෙකී ගමන් මග තෝරා ගැන්මෙන් සමාජවාදී මාවතට පිවිසීමේ ශක්‍යතාවක් ඇති වේ යැයි සිතිය හැක. එහෙත් එය නිශ්චිත නොවේ. මක්නිසාද මේ ගතිකය තුළම ඊට හරස්වන බලවේග මතුව ක්‍රියාත්මක වන සහ ක්‍රියාත්මක වූ හෙයිනි.