සමාජවාදී ආර් ථික ක්‍රමයක් වෙත මාරුවේදී සලකා බැලෙන සිද්ධාන්ත දෙකක්!
සමාජවාදී ආර් ථික ක්‍රමයක් වෙත! තෙවන ලිපිය!
මෙම ලිපිය න්‍යායන් දෙකක් පැහැදිලි කරයි. පළවැන්න, වටිනාකම පිළිබඳ න්‍යාය (law of value) යි. ප්‍රාථමික සමාජවාදී සමුච්චනය (law of primitive socialist accumulation) පිළිබඳ න්‍යායයි. අප මේ වනවිටත් මේ පදයයන් අසා ඇත්තෙමු. අපි මුලින් මේ න්‍යායන් වෙන වෙනම තේරුම් ගනිමු.
පරිහරණ අගය (use value) වෙනුවට හුවමාරු අගය (exchange value) නිෂ්පාදනය ඉලක්ක කොටගත් සමාජයකි, ධනේශ්වර සමාජය. ධනේශ්වර සමාජය අප හඳුන්වන්නේ භාණ්ඩ (generalized commodity production) නිෂ්පාදනය පොදුකරණය කළ ආර් ථිකයකි. මීට පෙර භාණ්ඩ නිෂ්පාදනය සිදුනොවීයැ යි මෙයින් අදහස් නොවේ. භාණ්ඩ නිපදවීම අති පැරණිය.
ජාත්‍යන්තර වෙළඳ සම්බන්ධතා මහා පරාක්‍රමබාහු රජ සමයේ ශක්තිමත්ව තිබූ බව ඉතිහාසයේ කිය වේ. අණෙක් රටවල ගැනද මෙය සත්‍යයකි. මාක්ස් මෙය දැන සිටියේ ය. ඒ නිසයි ඔහු “පොදුකරණය වූ යන විශේෂණය යෙදු වේ. තවත් පැහැදිලි කිරීමක ඇවසි වේ. ඒ නිෂ්පාදිතය (product) සහ භාණ්ඩය (commodity) අතර වෙනස ය.
භාණ්ඩයක් යනු, විකිණීම ඉලක්කකර නිෂ්පාදනය කළ එකකි. මගේ පාත්තියකින් නෙලාගත් පලාමිටක් නිෂ්පාදිතයක් වුවද භාණ්ඩයක් නොවේ. එනම්, හැම භාණ්ඩයක්ම නිෂ්පාදිතයක් වුවද, හැම නිෂ්පාදිතයක්ම භාණ්ඩයක් විය යුතු නොවේ. සමහර නිෂ්පාදිතයන් මැව්වෝ ඒවා විකිණීමට අදහස් නොකළහ.
වටිනාකම පිළිබඳ න්‍යාය පූර්ණ ලෙස ක්‍රියාත්මක වන්නේ අප මුලින් කී පොදුකරණය වූ ආර් ථිකයක ය. මගේ වත්තෙන් නෙලාගත් පලා මිටෙන් කොටහක් මගේ අසල් වැසියාට දුනහොත් හේ මට පෙරළා ඔහුගේ වත්තෙන් කඩාගත් ගස්ලබු ගෙඩියක් ගෙනවිත් දුනහොත් එය හැසිරවෙන්නේ වටිනාකම පිළිබඳ න්‍යායෙන් නොවේ. එය හැසිරවෙන්නේ තෑගි පිළිබඳ අදහසිනි.
පියරේ බෝර්දියෝ මේ ගැන ලියා ඇතැ යි මට මතකයක් තිබේ. අතිනතගිය එකී නිෂ්පාදිතයන් දෙක, එනම්, පලාමිට සහ ගස්ලබු ගෙඩිය යන දෙක, එකිනෙකට සමාන වෙන්නේ වෙනස් අරුතකිනි. ලක්ෂ සංඛ්‍යාත භාණ්ඩ හුවමාරුවෙන සමාජ ක්‍රමයක භාණ්ඩ හුවමාරුව හසුරුවන්නේ වෙනත් මූල ධර්‍මයකිනි. ඒ වටීනාකම් පිළිබඳ න්‍යාය යි. භාණ්ඩයක අගය නිර්‍ණය කරන්නේ එම භාණ්ඩයේ අන්තර්ගත සමාජීයව අවශ්‍ය (socially necessary) වියුක්ත ශ්‍රමය (abstract labor) මගිනි. (මේ ගැන මගේ මාක්ස් ගේ ප්‍රාග්ධනය: කෙටි හැදින්වීමක් පොත කියවන්න.)
වටිනාකම පිළිබඳ න්‍යාය පොදුකරණය වූ භාණ්ඩ නිෂ්පාදනය කරන සමාජයක, -ධනේශ්වර සමාජයක- ප්‍රධාන කාර්‍යයන් තුනක් ඉටුකරයි. ඒවා එකිනෙක හා බැඳුනද වෙන වෙනම සාකච්ඡා කරමු.
- වටිනාකම් පිළිබඳ න්‍යාය ධනේශ්වර සමාජයේ භාණ්ඩ අතර හුවමාරු අනුපාතය හසුරුව යි. භාණ්ඩ අතර සාපේක්ෂ මිල දිගුකාලීනව තීරණය කරන අක්ෂය ඒ මගින් පෙන්වයි. දිගුකාලීනව මිල උච්චාවචන සිදුවන්නේ ඒ නාභිය වටා ය. හුදු භාණ්ඩ අතර අනුපාතය පමණක් නොව වටිනාකම් පිළිබඳ න්‍යාය ප්‍රාග්ධනය සහ ශ්‍රමය අතර ගනුදෙනු සම්බන්ධතාවද හසුරුවයි.
- භාණ්ඩ නිෂ්පාදන ආර්ථික ක්‍රමයක සමස්ත සමාජ ශ්‍රමය සහ සමාජයේ සමස්ත සම්පත් විවිධ නිෂ්පාදන අංශයන් අතර බෙදීයාම ද නිර්ණය කරන්නේ වටිනාකම් පිළිබඳ න්‍යාය මගිනි. ධනේශ්වර සමාජයක මෙය සිදුවන්නේ පසමිතුරු සම්බන්ධතාවක් තුළ ය.
- ධනේශ්වර සමාජයක ආර් ථික වෘද්ධිය හැසිරවෙන්නේ ද වටිනාකම් පිළිබඳ න්‍යාය මගිනි. එවන් සමාජයක, ප්‍රාග්ධන සමුච්චනය (capital accumulation), ලාභ අනුපාතිකයේ (rate of profit) හැසිරීම මත නිර්‍ණය වේ. ආර් ථිකයේ සාමාන්‍ය ලාභ අනුපාතිකයට අඩු අංශ වෙතින් සාමාන්‍ය ලාභ අනුපාතිකයට වැඩි අංශ වෙත ප්‍රාග්ධනය සංක්‍රාම වේ. නිෂ්පාදන බලවේග (forces of production) වර්‍ධනය වන්නේ ඒ හරහා ය.
මේ අනුව වටිනාකම් පිළිබඳ න්‍යාය ධනේශ්වර ආර් ථිකය මෙහෙයවන අදෘශ්‍යමාන හස්තයකි (invisible hand). එය එම අර්‍ථ ක්‍රමයනට කිසියම් ස්වයංක්‍රීයත්වයක් ද ලබා දෙන්නේ ය. නිර්‍භාධිතව ක්‍රියාත්මක වීමට ඉඩහළොත් එය සුමට ලෙස ගමන් කරනු ඇතැයි ධනේශ්වර ආර් ථික විද්‍යාව අපට උගන්වයි. වටිනාකම් පිළිබඳ න්‍යාය ක්‍රියාත්මක වීමේදී අනවරතයෙන් අර්‍බුද, සහ කඩනයන් ඇති වුවද, එය ධනේශ්වර ක්‍රමයේ වෘද්ධි ගතිකයන් ද පෙන්වා දේ. මිල මගින් ආර් ථික කාරකයන්ට දෙන සංඥා සරල ය. පැහැදිලි ය.
එක් ආර් ථික ක්‍රමයක සිට අළුත් ආර් ථික ක්‍රමයක් කරා යෑමේදී පැරණි ක්‍රම ඉවත් කිරීමක් සහ/ හෝ පැරණි ක්‍රම අළුත් ක්‍රමයන් යටතට ගැන්මක් සිදුවේ. මෙය දේශපාලන ක්‍රියාවලියක් ද වේ. අප ආර් ථික සංවර්ධනයේ තාක්ෂණික පැතිකඩ දෙස පමණක් බැලුවොත් එම ක්‍රියාවලියේදී, කෘෂිකාර් මික නිෂ්පාදන ක්‍රමයක් වෙතින් කාර් මිකකකරණය වෙත මාරුවීමක් සිදු වේ. ධනේශ්වර අවධියට පිවිසීමේදී අප මුලින් කී අදෘශ්‍යමාන හස්තයට එහා ගොස් දෘශ්‍යමාන හස්තය ක්‍රියාත්මක වීමක් දැකිය හැක. එහිදී හිමිකරුවන් අස්වාමිකණයට හසු කෙරින. ධනය විවිධාකාරයෙන් පැහැර ගැනින. ප්‍රාථමික ධනේශ්වර සමුච්චනය ලෙස හැඳින්වෙන්නේ ඒ සමස්ත ක්‍රියාවලිය ය.
ධනේශ්වර ආර් ථික වර්ධනයක් නැති රටක සමාජවාදී ක්‍රමයක් ගොඩ නැගීම ඇරඹෙන්නේ කෙසේද? ප්‍රීඕබ්‍රසෙන්ස්කි දක්වන ලෙස ඒ ක්‍රියාවලිය සහමුලින්ම වටිනාකම් පිළිබඳ න්‍යායට පැවරිය නොහේ. යුද කොමියුනිස්ට්වාදය මගින් නිෂ්පාදනයේ ප්‍රමාණවත් වැඩිවීමක් නොවින. විශේෂයෙන් කෘෂිකාර් මික නිෂ්පාදනය නගරයේ ආහාර ප්‍රශ්නය මෙන්ම කර්‍මාන්ත සඳහා අමුද්‍රව්‍ය සැපයීමේ හිඟ පාඩුව වලට හේතුවින.
ලෙනින් නව ආර් ථික ප්‍රතිපත්ති මගින් උත්සාහ කළේ, වටිනාකම පිළිබඳ න්‍යාය යළි ක්‍රියාත්මක කිරීම ය. ඒ මගින් දෙන සරල සංඥා ගොවිනට කියවාගත හැකි වූ හෙයින් ඔව්හු ඊට ධනාත්මකව ප්‍රතිචාර දැක්වූහ. කාර් මිකකරණය සඳහා සම්පත් සොයා ගන්නේ කෙසේ ද? එය වෙළඳ පොළේ අදෘශ්‍යමාන හස්තය මගින් පමණක් ඉටුකරගත හැකිද?
ප්‍රාථමික සමාජවාදී සමුච්චනය යනු ඒ ප්‍රශ්නයට විසඳුම වේ.
ප්‍රාථමික සමාජවාදී සමුච්චනය (primitive socialist accumulation) යන්නෙන් අදහස් වන්නේ, රාජ්‍ය ආර් ථිකයෙන් පරිබාහිරව භෞතික සම්පත් රාජ්‍යයේ හැසිරවීමට ගැනීමකි. ධනේශ්වර නිෂ්පාදන සම්බන්ධතා හරිහැටි වර්‍ධනය නොවූ රටක, නිෂ්පාදනයේ ගොවිනගේ දායකත්වය වැඩි රටක සමාජවාදී සමාජ ක්‍රමයකට පරිවර්තනය වීමේ දී, ප්‍රාථමික සමාජවාදී සමුච්චනය අනීවාර්‍ය වන්නේ ය.
ප්‍රාථමික සමාජවාදී සමුච්චන ක්‍රියාවලියට අපට තවත් යමක් එකතු කළ හැක. මාක්ස්ගේ ජීවිතයේ අවසාන වසරේ අධ්‍යනයන් මෙහි ලා මහඟු ආලෝකයක් සපයයි. ආසියාතික ගම්මානයන් හි සාමූහිකත්වය මාක්ස් දුටුවේ ධනේශ්වර පියවර පන්නා සමාජවාදී පරිවර්‍තනයකට යෑමට නව මගක් ලෙස ය. එකී සාමූහික ඒකක මඟින්ද භෞතික සම්පත් ප්‍රවර්ධනය කළ හැකි වේ.
සුමනිසිරි ලියනගේ විසිනි