මජර දේශපාලන ක්‍රමය වෙනස් කරන්න දිවිය පුරා සටන් කළ ලීනස් !
ලීනස් සහෝදරයා අපි අතරින් වෙන් වෙලා අදට වසර 2 ක් ගතවී ඇත. ඔහු ගැන මම අසා තිබුනත් මට මුන ගැහෙන්නෙ 2019 විතර කාලයෙදි. වමේ ව්‍යාපාරය තුල මෙන්ම වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ නායකත්වය ගනිමින් වැඩ කරන පංතිය වෙනුවෙන් විශාල කැපවීමක් පසුගිය දශක 6 ක පමන කාලයක් කැප කළ නායකයෙකි.
මගේ අවබෝධයට කතෝලික පියතුමෙකු ලෙස තරුණ අවදිය ගත කල ඔහු පසුව සමසමාජ ව්‍යාපාරය යලි ගොඩනඟන්න දේශපාලනයේ නිරත වු වාමාංශික බුද්ධිමතෙකි.
ලීනස් සහොදරයගේ දේශපාලනය පිළිබඳව මම ඔහු සමග කිසිදිනෙක සාකච්ඡාකර නැත. 2019 වසරේ දිනෙක රාත්‍රි 9 ට පමණ දුරකථන ඇමතුකින් මා හා එතුමා අතර පළමු සාකච්ඡාව තවමත් මගේ මතකයේ තිබේ.
අපි කතා කළේ කෘෂිකර්මය හා සත්ව පාලනය ඒකාබද්ධ කිරිම පිළිබඳව. මම පශු වෛද්‍යවරයෙකු විම නිසා ඔහුට මා හා කතා කිරිමට අවශ්‍ය වුනා. කතාව පැයකින් පමණ අවසන් වුනත් මගේ ජිවිතයෙ පරිවර්තනයක් වෙන්න පටන් ගත්තේ එම සාකච්ඡාවෙන් පසුව බව පැවසීම අවශ්‍යයි. ඊට පසු වරින් වර කතා කරමින් අපි ගොවි ගැටලු, පාරිසරික කෘෂි ප්‍රතිපත්ති හා කාර්මික කෘෂි කර්මාන්තය තුළ ඇති පරිසර හානි, ගොවි ජනයා සමාගම් වලින් ගලවාගැනීමට අවශ්‍ය දැනුම් පද්ධතිය ගැන අපි නිතර කතා කළෙමු.
ඉන්දියානු ජාතික ශුභාෂ් පල්ලෙකාර්, ආචාර්‍ය්‍ය වන්දනාෂිවා මෙහෙයවන ඉන්දියානු ගොවි අරගලය පිලිබඳව හා ඒ පිළිබඳ මාතෘකා අප කතා කළා. ඒ අතර ම ඒ සටන් පිළිබඳ පොත්පත්, පර්යේෂණ පත්‍රිකා, වැනි බොහොමයක් අධ්‍යාපන ලියවිලි රාශියක් ලැබෙන්නට සැලස්වන ලදි.
පසුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්වාභාවික ගොවිතැන ප්‍රචලිත කිරීම සඳහා සිදුකළ ගොවීන් දැනුවත් කරන වැඩසටහන් සඳහා මාවත් සම්බන්ධ කරගන්නා ලදී. ඉන්දියානු සුභාෂ් පල්ලෙකර් සමග සාකච්ඡා වලටද මාව සම්බන්ධ කරනු ලැබූයේ මෙතුමා විසිනි.
එම දැනුම් පද්ධතිය තුළ සිට වර්තමාන ගොවි අරගල පිළිබඳව විශ්ලේශනය කිරීමේදී මා හට තේරුම් යන්නෙ අපේ ගොවි නායකයන් බොහෝ දෙනා කරමින් ඉන්නෙ, ගොවි ජනතාව සුරාකෑමෙන් ගලවා ගැනිම ට නොව සූරාකන්නන්ට තදින් බැඳ තබන බවකි.
මෙම විෂම චක්‍රයෙන් ගොවීන් ගලවාගැනීමට ලීනස් සහෝදරයා ගනු ලැබූ උත්සාහය අපතෙ නොගිය බව අපට වැටහෙන්නෙ, වර්තමානයේ ක්‍කසප්එැ ීප්රඑ ්ටරසජමකඑමරු කියන නව විෂය බිහිවන්නෙම මේ අපි කතා කරන පාරිසරික කෘෂි ප්‍රතිපත්තිය තුලින්ම බව තහවුරුවීම නිසා ය. ක්‍රම වෙනසක් පිළිබඳව සාකච්ඡා කරන අද දවසේ පුබුදු, ලාල් කාන්ත, හරිනි වැනි ජන නායකයන් ලිනස් සහොදරයගේ දැක්ම පිලිබදව අධ්‍යානය කරන්නේ නම් වැදගත් බව සඳහන් කරමි.
ලීනස් සහෝදරයා කෝවිඩ් වසංගත සමයෙ වෘත්තීය සමිති නායකයෙක් ලෙස කම්කරු පන්තිය වෙනුවෙන් විශාල මෙහයක් සිදු කිරිම අපිට අමතක කළ නොහැකිය. මෙම වකවානුවේ සමහර කර්මාන්ත ශාලා මාස ගණන් වසා තිබුනු අතර සේවකයන්ට වැටුප් ගෙවිම පවා අත්හිටුවා තිබින. සමහර ආයතන වල කොවිඩ් රෝගින් හමු විම නිසා එම ආයතන හා එම ප්‍රදේශ ද කදජන ාදඅබ කර තිබුනි. එවනි තත්වයක් තුළ පවා ලීනස් සහෝදරයා තමන්ට සිදුවිය හැකි අනතුරු නොතකා වෘත්තීය සමිති නායකයකු ලෙස ව්ශාල මැදිහත් විමක් කරනු ලැබූ බව අවිවාදිත කරුණකි.
මෙම තත්වය පිළිබදව මා සමග ද අවස්ථා ගණනාවකදී සාකච්ඡා කර ඇත. කොව්ඩ් වසංගතය බෝනොවන රෝග ඇති වැඩිහිටි ජනතාව මිය යාමට ඇති අවස්ථාව ඉහල යාම පිළිබඳව ලීනස් සහෝදරයගේ අදහස වුනේ ජනතාවගේ ප්‍රතිශක්තිය අවම විම නිසා එසේ මරණ සංඛ්‍යාව ඉහල යන බවකි. සෑම ක්ෂේත්‍රයක් පුරා පැතිරී පැවති ඔහුගේ දැනුම වටහා ගැනීමට එසේ සටහන් කරමි.
ගෝලිය වශයෙන් ජනතාව ක්ෂනික ආහාර වලට හුරුපුරුදු කිරිම හා වර්තමාන කෘෂිකර්ම ක්‍රම භාවිතාවන් නිසා ආහර වස විෂෙන් යුක්ත විම මෙම ප්‍රතිශක්තිය අවම විමට හේතු බව ඔහු ගොවින් හා වෘත්තීය සමිති නායකයන්, වැඩ බිමේ කම්කරුවන් සමග කරන සාකච්ඡා වලදි නිතර පෙන්වා දෙනු ලැබීය. ඔවුන් එම අදහස් පිළිබඳව එතරම් අවධානයක් නොදැක්වු ලීනස් සහෝදරයා මා සමග බලවත් ලෙස පැවසුවේ කනගාටුවෙමිනි.
මෙම තත්වය පිළිබඳව ඔහුගේවැටහීම වුනේ බහුජාතික සමාගම් විසින් ජනතාව ලාභය ඉපයිම සඳහා යොමුකරන පරාරෝපනය කර ඇති ක්‍රමයක් ලෙසය. ඔහුගේ අවශ්‍යතාවය වුනේ එම ක්‍රමය වෙනස් කිරිමට නොකඩවා මැදිහත්වීමකි.
අද දවසේ ලීනස් සහෝදරයා අප අතර සිටියේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලින් ජනතාව හා රට ගලවා ගැනිමට පුර්ණකාලිනව මැදිහත් වනු ඇති බව ඔහු ඇසුරු කළ කෙටි කාලීන අත්දැකීමෙන් මට පැවසිය හැක.
ඔහුගේ ප්‍රවේශය වූයේ සමාජවාදි පදනමක සිට සුරාකෑම අවම කරන ආර්ථික ප්‍රතිපත්තියක් රටට, ජනතාවට හඳුන්වාදීම මෙන්ම කෘෂි ප්‍රජාව පරාරෝපන ක්‍රමයන්ගෙන් ගලවා ගැනීම වෙුනවෙනි.
අපෙන් සමුගෙන වසර දෙකක් ගෙවෙන අවස්ථාවේ ලීන්ස් සහෝදරයාගේ උත්සාහයන් ඉදිරියට ගෙන යාමට කටයුතු කිරීම අප ඔහුට කරන උපහාරයක් වනු ඇත.
කීර් ති කුමාර මද්දුමාපටබැඳි
කෘෂි අරගල ව්‍යාපාරය