දේශපාලන සටහන්ප්‍රධාන පුවත්

“NPP ආණ්ඩුවේ” පංති සංකලනයේ ස්වභාවය නිසා වර්‍තමාන අර්‍බුදයට පිළියම් සෙවිය නොහැක!

සංක්‍රාන්ති සමයේ ආර් ථිකය, පළමුවැනි කොටස!

මෙයින් දින කිහිපයකට පෙර හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රීවරයකු, කල්ප ට හා මට යොමුකළ ප්‍රශ්නය මේ සටහන තැබීමේ අනන්තර හේතුව වේ.

ඔහුට අනුව 1977 සිට සිල්ලර අඩුපාඩු තිබුන ද ශ්‍රී ලංකා ආර් ථිකය නැමති හොඳින් පදවාගෙන ආවේ ය. එහෙත් එම රථය 2022 දී හිටි හැටියේ නැවතින. එය නැවත යළි පණ ගැන්විය යුතු වේ. එසේ කිරීමට වෙන මගක් නොමැති හෙයින් IMF එක යෝජනා කරන මාවත තෝරා ගැන්මට NPP එකට ද සිදුව ඇත. යම් හෙයකින් NPP ය ඒ මාවතින් ඉවත් වුවහොත් මහා ව්‍යසනයක් ඇතිවනු ඇත. ජන අරගල සන්ධානයට මේ හැර ප්‍රායෝගිකව ක්‍රියාවට නැගිය හැකි වෙනත් මාවතක් තිබේ ද? එවැන්නක් තිබේද යන ප්‍රශ්නය නැගූ ස්වරය මගින් කියැවුණේ එවැන්නක් නොමැති බවකි.

මුලින්ම කිව යුත්තේ 1977- 2022 දක්වා ශ්‍රී ලංකාවේ ආර් ථිකය නැමැති රථය හොඳින් පදවා ගෙන ආවේ ය යන ඔහුගේ ප්‍රස්තූතය සාවද්‍ය එකකි. ඒ බව පහත සටහනෙන් පෙනේ. සිදුව ඇත්තේ හදිසි අනතුරක් නොවේ. අර්‍බුදය 1977 ආර් ථික මොඩලයේ අභ්‍යන්තර ගතිකය ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක්. එසේ නම්, මේ ගතිකය නිශ්ක්‍රීය කළ යුතු වේ. එය කළ හැක්කේ වෙනත් “සිස්ටම්” එකක් තුළ ආර් ථිකය සංවිධානය කිරීමෙනි.

ගෝතා වැඩ පිළිවෙළ ගැන විවේචනය කරමින් මාක්ස් මෙසේ ලීවේ ය. “ධනේශ්වර හා කොමියුනිස්ට් සමාජයන් අතර එකක් අනෙක දක්වන විප්ලවීය පරිවර්‍තන අවධිය වැටේ. ඊට අනුරූපිතව දේශපාලන පරිවර්‍තන අවදියක් ද වේ. ඒ අවධියේදී රාජ්‍යය නිර්‍ධන පංතික ආඥාදායකත්වය මිස අනෙකක් නොවේ.” (Marx & Engels. Selected Works 3, p. 26) සිස්ටම් වෙනස අතරතුර රජය ගැන ගෝතා වැඩ පිළිවෙළ ගැන විවේචනයේ නිශ්චිත යමක් මාක්ස් සඳහන් කළද එම අන්තර් වාරයේ ආර් ථිකය ගැන හේ යෝජනා කරන දේ අසම්පූර්‍ණ ය.

ඒවා තැනින් තැන විසිරී ඇත්තේ ය. අපි පොඩි එකතුවක් කරමු.

  1. සමාජවාදී ආර් ථිකයක් යනු පරිහරණ වටිනාකම් නිපදවන ආර් ථික ක්‍රමයකි. එය තව දුරටත් හුවමාරු වටිනාකම් නොනිපදවයි.
  2. සමාජවාදී සමාජයක මුදල වටිනාකම් අන්තර්‍ගත කර ගත් යමක් නොවේ. ඒ හරහා වටිනාකම් අතිනත මාරු නොවේ. නිෂ්පාදකයාට කිසියම් වවුචරයක් ලැබේ. එය ප්‍රයෝජනයට ගත් ගමන්ම අහෝසි වේ. හරියට බස් හෝ දුම්රිය ට්කට් එකක් වැනිය. මාක්ස් කී ලෙස නාට්‍යයක් බැලීමට ගත් ටිකට් එකක් වැනි ය. පරණ කෝච්චි ටිකට් එකතු කිරිමෙන් – පාවිච්චි කළ දුම්රිය ටිකට් සමුච්චනය කිරීමෙන් – ධනවතෙක් විය නොහේ.
  3. නිෂ්පාදන මාර්‍ග සහ ඉඩම්වල පොදු සාංඝික අයිතිය: මෙහිදී කෙනෙකුගේ පෞද්ගලික පරිහරණ භාණ්ඩ (ඔබේ පොත්පත්, ඇද පැළදුම් සහ ආයිත්තම් අයත් නොවේ (private property and personal property)
  4. නිෂ්පාදනයේ සංඝඨිත නිෂ්පාදකයන්ගේ (associated producers) පාලනය මගින් අයිතිය සහ කළමනාකාරනය අතර ඛණ්ඩනය අහෝසි කිරීම අදහස් වේ.
  5. ශ්‍රමිකයන්ට ඔවුන් විසින් සමාජයට එක්කරන දෙයට සමාන ප්‍රමාණයක්, අනෙකුත් සමාජ සේවාවන්ට හා ආයෝජනයන්ට වෙන් කිරීමෙන් පසු ලැබිය යුතු වේ.
  6. ඉඩම්, ජලය, ගහකොළ සහ ජීවීන් වර්‍තමානයේ ජීවත්වන්නවුන්ගේ දේපොලක් හෝ අයිතියක් නොවේ. ඔවුනට ඇත්තේ ඒවා බලා කියා ගැන්මේ අයිතිය හා වගකීම පමණි. ඔව්හු ඊළඟ පරපුරට එවා වැඩි දියුණු කොට ඉතිරි කළ යුතු වේ. (Marx. Capital, vol 3).

ධනේශ්වර ක්‍රමය වෙතින් සමාජවාදී සමාජ ක්‍රමයකට පරිවර්‍තනය වීම දීර්‍ඝ ක්‍රියාවලියකි. සමහර රටවලට එය කෙටි එකක් විය හැක. තවත් රටවලට එය දිගු ක්‍රියාවලියක් වනු ඇත. එයට විවිධ හේතුන් බලපායි. ධනේශ්වර නිෂ්පාදන මාදිළිය කෙතෙක් දුරට සම්පූර්ණ වී ඇත්ද යන්න මෙහිලා වැදගත් වේ. ඊට අතිරේකව පංති අරගලයේ මට්ටම සහ පංති අතර සාපේක්ෂ බල තුලනය වැදගත් වේ. ඒ විතරක් නොව නායකත්වය ද වැදගත් ය.

මෙකී සංක්‍රාන්ති අදියරේ දී, ආර් ථික සංවිධානය ගැන ඊළඟ කොටසේ සාකච්ඡා කෙරේ.

වර්‍තමාන අර්‍බුදයට පිළියම් යොදමින් එවන් අර්‍බුද ඇතිවිම වළක්වාලන වැඩ පිළිවෙළක් ජන අරගල සංධානයට ඇත. NPP ආණ්ඩුව තුළ එවන් වැඩ පිළිවෙළක් නැත්තේ එහි “ජනතාවගේ” පංති සංකලනයේ ස්වභාවය එවන් වැඩ පිළිවෙළකට ඉඩ නොදෙන හෙයිනි.

Next part: the law of value and primitive socialist accumulation.

 

ලියන්නේ, සුමනසිරි ලියනගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *