දේශපාලන සටහන්ප්‍රධාන පුවත්විශේෂාංග

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ඉහළ දැමීම හා නරේන්ද්‍ර ශ්‍රී මොදිගේ ලංකාගමනය!

ඩොනල්ඩ් ට්‍රම්ප් ධනේශ්වර නිෂ්පාදන මාදිළියේ නියාමයන් දෙකක් යළි සපථ කර ඇත.

  1. ධනේශ්වර නිෂ්පාදනය හැසිරවෙන්නේ උනුනතර ඇති සත්‍ය තරඟය (real competition) මගිනි. එය පූර්‍ණ (perfect) හෝ සදාචාරීය හෝ එකක් නොවේ.
  2. ප්‍රාග්ධන සමුච්චනය දිගට, පළලට හා ගැඹුරට සිදුවීමට හැරිය යුතු ය. ඇමරිකානු භූමිය ප්‍රමාණවත් නොවන්නේ නම් ග්‍රීන්ලන්තය, කැනඩාව මෙන්ම ගාසා තීරය අත්පත් කරගෙන ඇමරිකානු සමුච්චන භූමීන් පුලුල් කළ යුතු ය. මේ පිවිසෙන්නේ ධනේශ්වර නිෂ්පාදන මාදිළියේ අළුත් (පස්වෙනි) අදියරකට ද?

පහුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට බෙහෙවින් බල පෑ හැකි සිද්ධීන් දෙකක් වාර්‍තා වින. පළමුවැන්න, ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා සෙසු ලෝකයේ රටවලට අයකරන තීරුබදු ප්‍රතිශතයන් ප්‍රකාශයට පත් කරනු ලැබීම ය. මෙය භාණ්ඩ වර්‍ග සඳහා අයකරන බද්දක් නොව රටක් මත පනවන බද්දක් වීම විශේෂත්වයකි. ඒ අනුව ශ්‍රී ලංකාව විසින් ඇමරිකා එක්සත් ජනපදයට ආනයනය කරන හැම භාණ්ඩ වර්‍ගයක් සඳහාම සියයට 44 ක තීරු බද්දක් මින් පසු පැන වේ.

අගමැති නරේන්ද්‍ර ශ්‍රී මෝදිගේ ලංකාගමනය!

දෙවැන්න, අසල්වැසි ඉන්දියාවේ රාජ්‍ය නායක අගමැති නරේන්ද්‍ර ශ්‍රී මෝදි ගේ දින හතරක ලංකාගමනය වේ. මේ දින හතර තුළ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විවිධ ගිවිසුම්වලට අත්සන් තැබින. මෙම ගිවිසුම් ආරක්ෂාව, බලශක්තිය, ඩිජිටල්කරණය යනා දී අංශ ගණනාවකට විහිද යයි. ගිවිසුම් හෝ අවබෝධතා ගිවිසුම් හෝ වල අන්තර් ගතය හෙළි නොකෙරුනද, ඒවා මගින් ශ්‍රී ලංකාවට කෙරෙන බලපෑම අතිමහත් වෙනු ඇත. මේ අනුව ඊනියා සහන පසුබිමේ ඇති බියකරු තැන් වෙත ප්‍රවේශමින් බැලිය යුතු වේ. එසේ වුවද, දෙවැන්න ගැන එට්කා ගිවිසුම් අන්තර් ගතය අනුව සැක සංකා ඇතිවීම ස්වාභාවික ය. අනුර කුමාර දිසානායක ජනාධිපති වීමට පෙර මේ ගිවිසුම් අන්තර් ගතයන් ගැන හෙළිකළ කරුණු බොරු නොවේ නම් මේ ගිවිසුම් ගැන යමෙකුට චකිතයක් ඇතිවීම පුදුමයක් නොවේ. එසේ වුවද, එම කරුණ ගැන නිශ්චිත යමක් මේ මොහොතේ මට කිව නොහේ.

ට්‍රම්ප් ගේ තීරුබදු නීතිය යටතේ ඇමරිකා එක්සත් ජනපදය බාහිර ලෝකයෙන් කෙරෙන ආනයනවලට අය කෙරෙන සාමාන්‍ය බදු අනුපාතය සියයට 26 කි. ඒ මට්ටමට ආනයන බදු ගෙන ආවේ වසර 130 කට පසුව ය. මෙය ශ්‍රී ලංකාවට බලපා හැකි ආකාරය සංයුක්තව සලකා බැලීමට පෙර ට්‍රම්ප් තීරණයේ පොදු සහ ගෝලීය ඇගවීම් කියවා ගැන්ම වටනේ ය. ඇමරිකා එක්සත් ජනපදය රොස්ටෝවියානු අධි සංහති පරිභෝජන සමාජයක් (high mass consumption) බවට පත් වූ එකම රට ලෙස හැඳින් වේ. ඒ W W Rostov ගේ වෘද්ධි මාවතේ ඉහළම අදියර වේ. එමෙන්ම එය ලෝක නිෂ්පාදනය මිනුමක් ලෙස ගතහොත් විශාලම ආර් ථිකය වේ. එසේ වුවද, පසුගිය දශක කිහිපය තුළ ඇමරිකානු ආර් ථිකයේ සාපේක්ෂ ශක්තිය පහත වැටින. එහි කාර් මික නිෂ්පාදනය ලෝක නිෂ්පාදනයෙන් 17% කි. චීනයේ ප්‍රතිශතය 30% කි. මේ සමගම, ඇමරිකාවේ ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 1.9% කි. එය ඇමරිකා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7 කි.

මෙලෙස වැඩිකළ Trump ගේ ශ්‍රී ලාංකීය අපනයන වලට 44% බද්දෙන් බේරීමේ මාර්‍ග තිබේ ද? යුරෝපා භාණ්ඩ උතුරු අයර් ලන්තය හරහා ඇමරිකාවට යැවීමෙන් එය කළ හැකි යැයි පෝල් කෲග්මන් සිතයි. එවිට බද්ද සියයට 10 කි. ශ්‍රී ලංකාවට තම අපනයන මාල දිවයින නමින් යැවිය හැකි වේ නම් තීරු බද්ද සියයට 10 කි.

ඇමරිකානු ධන සමුච්චනය අවිච්ඡින්නව ඉහළ නැංවීමට හැක්කේ කෙසේද මෙය ට්‍රම්ප් සහ ඇමරිකානු ධන කුවේරයන් හමුවේ ඇති අභියෝගය වේ. ඔවුන් ඊට මුහුණ දෙනු ඇත්තේ

  1. සමුච්චන ක්‍රියාවලියේ භූ අවකාශය පුලුල් කරනුවස් කැනඩාව, ග්‍රීන්ලන්තය, පැනමා ඇල අත්පත් කර ගැන්ම;
  2. ඇමරිකානු වෙළඳ පොළ අණෙක් රටවලට සීමා කිරීම සඳහා වෙළඳ යුද්ධයකට මුලපිරීම;
  3. චීනයට එරෙහි පියවර ගනිමින් ඇමරිකානු හෙජමොනිය ඉන්දු-පැසිපික් කලාපයේ ශක්තිමත් කිරීම;
  4. ඇමරිකානු යුද වියදම් අණෙක් රටවල් විශේෂයෙන් යුරෝපා සංගමය වෙත පැටවීම;
  5. ඇමරිකානු ශ්‍රම වෙළඳ පොළ ඇමරිකාකරණය මේ අතර ප්‍රධාන වේ.
  • මේ ඇමරිකානු ජාතිකවාදයයි. ඇමරිකානු ජාතිකවාදී සුපිරි ධනේශ්වර ව්‍යාපෘතිය ක්‍රියාවට නැගිය හැකිද? එය දැඩි ප්‍රශ්න ගණනාවක් මතු කරයි.

මැක්සිකෝ ජනාධිපතිනිය ට්‍රම්ප්ට ලියූ විවෘත ලිපිය

මෙක්සිකානු ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම්,

 සෙසු ලෝකයා වෙනුවෙන් ට්‍රම්ප් සහ මස්ක් වෙත මෙසේ ලිය!

“ඉතින් ඔවුන් පවුරක් ගොඩනැගීමට ඡන්දය දුන්නා… හොඳයි, මගේ ආදරණීය ඇමරිකානුවන්, ඔබට භූගෝල විද්‍යාව ගැන එතරම් අවබෝධයක් නොතිබුණත්, ඔබට ඇමරිකාව ඔබේ රට වන අතර මහාද්වීපයක් නොවන බැවින්, ඔබ පළමු ගඩොල තැබීමට පෙර ඔබ මෙම බිත්තියෙන් පිටත ඉතිරි කරන්නේ කුමක්දැයි දැන ගැනීම වැදගත්ය”.

බිලියන 7 ක ජනතාවක් පිටත සිටිති; නමුත් මිනිසුන් පිළිබඳ මෙම දෙය ඔබට එතරම් ඇසෙන්නේ නැති නිසා, අපි ඔබව පාරිභෝගිකයින් ලෙස හඳුන්වන්නෙමු.

පැය 42 කටත් අඩු කාලයකින් iPhone Samsung හෝ Huawei සමඟ ප්‍රතිස්ථාපනය කිරීමට කැමති බිලියන 7 ක පාරිභෝගිකයින් සිටී. ඔවුන්ට Levi’s වෙනුවට Zara හෝ Massimo Duti ද ආදේශ කළ හැකිය.

නිහඬව, මාස හයකටත් අඩු කාලයකින්, අපට Ford හෝ Chevrolet වාහන මිලදී ගැනීම නවතා Toyota, KIA, Mazda, Honda, Hyundai, Volvo, Subaru, Renault හෝ BMW සමඟ ප්‍ර4තිස්ථාපනය කළ හැකිය, ඒවා තාක්ෂණික වශයෙන් ඔබ නිෂ්පාදනය කරන මෝටර් රථවලට වඩා බෙහෙවින් අභිබවා යයි.

මේ බිලියන 7 අපිට Direct TV වලට දායක වීම නවත්තන්න පුළුවන්, අපි ඒකට කැමති වෙන්නේ නැහැ, නමුත් අපිට හොලිවුඩ් චිත්‍රපට නැරඹීම නවත්තලා උසස් තත්ත්වයේ, පණිවිඩ, සිනමා ශිල්පීය ක්‍රම සහ අන්තර්ගතයන් ඇති ලතින් ඇමරිකානු හෝ යුරෝපීය නිෂ්පාදන නැරඹීම ආරම්භ කළ හැකිය.

ඔබට එය ඇදහිය නොහැකි ලෙස පෙනුනත්, අපට ඩිස්නි වෙත යාම නවතා කැන්කුන්, මෙක්සිකෝව, කැනඩාව හෝ යුරෝපයේ Xcaret Park වෙත යා හැකියි: දකුණු ඇමරිකාවේ, නැගෙනහිර සහ යුරෝපයේ වෙනත් විශිෂ්ට ගමනාන්ත තිබේ. විශ්වාස කළත් නැතත්, මෙක්සිකෝවේ පවා මැක්ඩොනල්ඩ්ස් වලට වඩා හොඳ හැම්බර්ර්ග සහ වඩා හොඳ පෝෂණ අන්තර්ගතයක් ඇත.

එක්සත් ජනපදයේ පිරමීඩ කවුරුහරි දැක තිබේද? ඊජිප්තුව, මෙක්සිකෝව, පේරු, ග්වාතමාලාව, සුඩානය සහ වෙනත් රටවල ඇදහිය නොහැකි සංස්කෘතීන් සහිත පිරමීඩ තිබේ.

පුරාණ හා නූතන ලෝකයේ අරුම පුදුම දේ කොහේදැයි සොයා බලන්න..

එක්සත් ජනපදයේ කිසිවක් නැත… ට්‍රම්ප්ට මොනතරම් ලැජ්ජාවක්ද, හොඳයි, ඔහු එය මිලදී ගෙන නැවත විකුණන්න තිබුණා!

අපි දන්නවා ඇඩීඩාස් නයික් පමණක් නොව පවතින බවත් අපට පැනම් මෙන් මෙක්සිකානු ටෙනිස් පරිභෝජනය කිරීමට පටන් ගත හැකි බවත්.

ඔබ සිතනවාට වඩා අපි බොහෝ දේ දනිමු; උදාහරණයක් ලෙස, මෙම බිලියන 7 පාරිභෝගිකයින් ඔවුන්ගේ නිෂ්පාදන මිලදී නොගන්නේ නම්, විරැකියාව ඇති වන අතර ඔවුන්ගේ ආර් ථිකය (ජාතිවාදී පවුර ඇතුළත) කඩා වැටෙනු ඇති බවත්, ඔවුන් දෛවෝපගත පවුර කඩා දමන ලෙස අපෙන් අයදින බවත් අපි දනිමු.

කිසිම ප්‍රශ්නයක් නැහැ,

නමුත්… ඔබට පවුරක් අවශ්‍ය විය, ඔබට පවුරක් ලැබෙනු ඇත.

අවංකවම,

ලෝකයේ ඉතිරි කොටස.

ක්ලෝඩියා ෂයින්බෝම්

මෙක්සිකෝ ජනාධිපති

සුමනසිරි ලියනගේ විසින්

සිය මුහුණු පොතට එකතු කළ සටහන් කීපයක්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *