අණ්ඩුවට ජනතාවගේ අපේක්ෂාවන් මගහැර යන්නට ඉඩනොදෙමු!
ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පත්වන්නේ බංකොලොත් වූ රටක අර්‍බුදකාරී ආර් ථික වටපිටාවක් තුළ බව සිහියට නගාගත යුතුය. ආර් ථික වශයෙන් බංකොලොත් යැයි ප්‍රකාශයට පත්වුන අපේ රටේ අපනයන ආදායම, සංචාරක කර්‍මාන්තයෙන් ලැබෙන ආදායම, විදේශගත ශ්‍රමිකයන් උපයාදෙන මුදල ඇතුලුව අපේ රටේ සමස්ථ ආදායම වෙන්නේ ඩොලර් බිලියන 23, 24 කට පමණ සීමාවෙන බව ආර් ථික විශ්ලේෂකයන් පැහැදිළිකර සිටී.
ආනයන ආර් ථිකයක ගිලී පවතින අපේ රටේ ආනයන වියදම පමණක් ඩොලර් බිලියන 22කට වැඩියි. දැනට අත්හිටුවා ඇති දේශීය හා විදේශිය ණය ගෙවීම මේ වසරේ අගභාගය වෙනවිට පොලිය පමණක් ඩොලර් බිලියන පහක් ගෙවියයුතු බවට මේ අතර ආර් ථික විශේෂඥයන් පවසනු ලබයි. ඒ අනුව රටේ මුළු වියදම ඩොලර් බිලියන 27 ඉක්මවිය හැකි බව කියැවේ. අපනයන අදායමෙන් කොටසක් අපනයනකරුවන් විදේශවල රඳවා තැබීම නිසා රටේ සමස්ථ ආදායමේ සංඛ්‍යාවන් වෙනස්විය හැකි බව ද පැවසේ.
රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග 3.9 බිලියන් ණය එකඟතාව තවමත් සපුරාලන්නට ඔවුන් කටයුතුකර නැත. තුන්වෙනි වාරිකය ලබාදෙන්නට ජාජබ ආණ්ඩුවේ මංගල අයවැය දෙස බලා සිටින බව වාර්‍ත විය. ජාජබ ආණ්ඩුවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග රනිල් ඇති කරගෙන තිබෙන එකඟතා කිසිවක් වෙනස් කිරීමේ හැකියාවක් නැති බව දැන් සහතික ය. මැතිවරණ සමයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදුල සමග සාකච්ඡාකර ජනාතාවාදී ගිවිසුමක් බවට පරිවර්‍තනය කරගන්නා බවට පූච්ඡානම් කතා කිව්වත් අද වෙන විට අබ ඇටයකින් තරම වත් වෙනසක් කිරීමට හැකියාවක් නොමැති බව සනාථකර ක්‍රියාත්මක කරමින් සිටී.
අනුර කුමාර දිසානායක තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය පිළිබඳ ජනතාවගේ අවධානය බිඳින්නට යොදාගනිමින් සිටින්නේ බලවත් රටවල් සමග යොදා ගන්නා සිය විදේශ සංචාරයන් හරහා බව පෙනේ. පළමුවෙන් තෝරාගත්තේ ඉන්දියාවයි. ඉන්දියානු සංචාරය මෝදිගේ සිතැඟි ඉටුකරගන්නට සමත් ඉන්දියානු ගිවිසුම් ගණනාවකට අනුමැතිය ලබාදී ඇති බව වාර්තා විය. ඒ අතර ඉන්දියානු සමාගමකට ලක්වැසියන්ගේ ජීව දත්ත සියල්ල ඇතුලත්වන විද්‍යුත් හැඳුණුම්පත සකස් කිරීමේ කොන්ත්‍රාත්තුව ද තිබෙන බව පැවසේ. මහින්දගේ, මෛත්‍රීපාල,ගේ යහපාලන ආණ්ඩුව ප්‍රමාද කළ, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඉන්දියානු සමාගමේ ටෙන්ඩර අත්සන් කිරීම අනුමත නොකළ විද්‍යුත් හැඳුණුම්පත් ටෙන්ඩරය ඉන්දියාවට ම පූජාකිරීමට අනුර කුමාර මැලිකමක් දක්වා නැත. මෝදිගේ “වික්සිත් භාරත්‘’ සැළැස්මට ශ්‍රී ලංකාව ද ඇතුළත් කරගැනීමට මෝදිට අනාගත සිහිනයක් තිබේ ද යන්න දන්නේ මෝදි අග්‍රාමත්‍යවරයා පමණි.
අනුර කුමාර ජනාධිපතිවරයාගේ දෙවන විදෙස් සංචාරය යොදාගත්තේ චීනයටයි. ඉහළම පිලිගැනීමක් සහිතව ශ්‍රී ලංකාව සමග අවබෝධතා ගිවිසුම් 15ට පමණ යොමුවු බව වාරර්‍තා විය. ඒ අතර ඩොලර් බිලියන 3.8ක්වූ තෙල් පිරිපහදු ආායෝජනයක් ද ඇති බව කියැවේ. රනිල් වික්‍රමසිංහ පසුගිය ආණ්ඩු සමයේ කංචන ඇමතිවරයා සම්බන්ධ වූ ඩොලර් බිලියන 4.2ක්වූ තෙල් පිරිපහදු ආායෝජන යෝජනාවක් පිළිබඳව ද එදවස සාකච්ඡාවට බඳුන්වූ බවක් ද මතකයේ තිබේ. චීන-ශ්‍රී ලංකා නව ගිවිසුම් අතර ලංකාවේ රාජ්‍ය මාධ්‍ය සියල්ල චීන රාජ්‍ය මාධ්‍ය සමග ගැටගසමින් සංස්කෘතික, දේශපාලන පිබිදීමක් ඇති කරන්නට අනුර කල්පනා කරන බවක් ද පෙනේ.
ලෝක රාජ්‍ය නායකයන්ගේ ආර් ථික සමුලුවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගිය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ඊළඟ විදෙස් සංචාරය ඇමෙරිකාවටත් හා අනතුරුව ජපානය ලෙසත් වාර්‍තා වේ. ලෝක බලවතුන්ගේ නැලවිලි හරහා ශ්‍රි ලංකාවේ අනාගත ඉරණම කෙසේ තීන්දු වේදැයි විමසිලිමත්වීම රටේ ජනතාවගේ වගකීමකි. ලෝක බලවතුන්ගේ භූ දේශපාලනයේ ගොදුරක් බවට පත්නොවී, ඔවුන්ගේ බලපොරයේ ඉත්තන් නොවී පැවතීම උගහට බව පමණක් දැනට මෙහි සටහන් කළහැකිය.
ජාජබ ආණ්ඩුවේ සිය ගණනින් වු පොරොන්දු ගැන ජනතාව වික්ෂිප්ත වෙමින් සිටින බව රහසක් නොවේ. හාල් මාෆියාව මෙල්ල කරන්නට ආණ්ඩුව සමත්වී නැත. ගොවිජනතාව ඔවුන්ට බිලි වෙමින් සිටී. එදිනෙදා අවශ්‍යතා පිළිබඳව ජනතාව තුළ පැවති අපේකෂාවන් උඩුහුළඟට ගසාගෙන යන බවක් පෙනෙන්නට තිබේ. හොරු අල්ලන කතා වචන වලට පමණක් සීමාවුනු බවක් පෙනේ.
මුදල් ඇමති, ජනාධිපති අනුර කුමාර දිසානායක් විසින් ජාතික ජනබලවේග ආණ්ඩුවේ මංගල අයවැය පසුගියදා ඉදිරිපත් කළ අතර ජනතාවගේ ආර් ථික පීඩනයට, හෝ දැවෙන ප්‍රශ්ණවලට පිලිතුරු දෙන්නට සමත්වී නොමැති බව ආර් ථික විශේෂඥයන්ගේ මතයයි. විශේෂයෙන් අයවැය හිගය පියවීම පිළිබඳව ක්‍රියාමාර්‍ග පැහදිළි නොවන බව ඔවුන් පැහැදිලි කරනු ලබයි. රාජ්‍ය සේවයේ හා අනෙකුත් ක්ෂේත්‍රයන් හී වැටුප් කිරීම මගින් නව අර්‍බුද රැසක් මතුවිය හැකි බවට අනතුරු හඟවනු ලබයි.
ඒ අතර රනිල් ආණ්ඩුව සම්ම්ත කළ ජනපීඩක අනපනත් එලෙසින් ම ක්‍රියාත්මක කෙරෙමින් තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත කිසිදු හිරිකිතයකින් තොරව අද දවසේ ද ක්‍රියාත්මක් කරමින් සිටි. කොටින්ම ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශණය නම් ආණ්ඩුව විසින්ම පසෙක ලා ඇති බව නම් ජනතාවට පැහැදිළි වෙමින් තිබේ.
තත්වය එසේ නම් ජාතික ජනබලවේග ආණ්ඩුව පන්නා දැමීමට වැඩබිම, ගොවිබිම ප්‍රමුඛ ජනතාව පෙලගැස්විය යුතු ද? නැත. එසේ කලබල වියයුතු නැත. එසේ පළවාහැර ගෙනෙන්නට ආණ්ඩුවක් දෘෂ්‍යමානයේ ඇත්තේ ද නැත. එහෙත් ජනතා අපේක්ෂාවන් මියැදෙන්නට ද ඉඩදිය නොහැක. එසේ නම් කළයුත්තේ කුමක් ද? ජනතාවට දී ඇති පොරොන්දු සමග ජනබලය වෙනුවෙන් ජනතාවගේ ඒකාබද්ධ සටන් පෙරමුණක ජනඅරගලයන් හරහා මේ ආණ්ඩවට ජනතාවගේ අපේකෂාවන් මගහැර උඩින් පැනයන්නට ඇති අවකාශයන් හඳුණාගෙන ඒ කපොලු වසා දමමු. එය ප්‍රගතිශීලී වාම බලවේගයන් පෙරමුණ ගත් පාර්ලිමේනතුවෙන් පිටත බලය පිළිබඳ සාකචඡාව හා ඒ සඳහා ක්‍රියාමාර්‍ග තේරීම ජනබලවෙගයන්ගේ වගකිම බව සටහන්කිරීම ප්‍රමාණවත් වේ.