දෙමළ ජනතාවගේ විමුක්ති අරගලය වෙනුවෙන් අනම්‍ය මැදිහත්වීමක් කළ වික්‍රමබාහු කරුණාරත්න!
කළක් රෝගාතුරව සිටි නව සමසමාජ පක්ෂයේ ලේකම් වික්‍රමබාහු කරණාරත්න කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ජූලි 25 වෙනිදා දින අභාවප්‍රාපත්ත විය.
ඔහුගේ අභාවය නිමිත්තෙන් ‘සමාජවාදී ජනතා සංසදය’ නිකුත් කළ මාධ්‍ය නිවේදනය සමපූර්‍ණයෙන් පහත පළවේ.
2024 ජූලි 25
දෙමළ ජනතාවගේ විමුක්ති අරගලය වෙනුවෙන් අනම්‍ය මැදිහත්වීමක් කළ වික්‍රමබාහු කරුණාරත්න!
නව සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් වික්‍රමබාහු කරුණාරත්න සහොදරයාගේ අභාවය පිළිබඳව සමාජවාදී ජනතා සංසදය සිය සාතිශය සංවේගය පළකර සිටි.
ලංකාවේ පසුගාමී සමාජ ක්‍රමය පෙරලා දමා සමසමාජයක් වෙනුවෙන් වූ දැවැන්ත සමාජ බලය, සභාග දේශපාලනය තුළ ගිලිහියාමට ඉඩනොදී ලංකාවේ වාම ව්‍යාපාරය තුළ නව පරිච්ජේදයක් ආරම්භ කිරිමට 70 දශකයේ, නවසමාජ ආරම්භක යුගයේ බාහු සහෝදරයාගේ මැදිහත්වීම ඓතිහාසික ක්‍රියාවක් ලෙස ‘සමාජවාදී ජනතා සංසදය’ සලකණු ලබයි.
1980 ජූලි වැඩ වර්‍ජනයට නායකත්වය දෙමින් ජේ ආර් ජයවර්‍ධන පාලනයේ මර්‍ධනයට අභියෝග කරමින් වැඩකරන ජනතාවගේ බලයක් වෙනුවෙන් ඔහු තුළ පැවති අපේකෂාව ද සිහිපත් කරමු.
දෙමළ ජනතාවගේ විමුක්ති අරගලය වෙනුවෙන් ඔහු දැක්වූ අනම්‍ය මැදිහත්වීම හා ලංකාවේ ජාතික ප්‍රශ්ණයට ඇති එකම විසඳුම දෙමළ ජනතාවගේ ස්වයංතීරණ අයිතිය පිළිගැනීම බව ඔහු කිසි දිනෙක අත්නොහල සටන්පාඨයක් බවද සටහන් කරමු.
සිය දේශපාලන දිවියේ අවසන් කාලපරිච්ඡේදයේ ඔහුගේ දේශපාලනය පිලිබඳව දැඩි නොඑකඟතාවයන් පැවතිය ද ඔහුගේ ඓතිහාසික දේශපාලන මැදිහත්වීම් පිලිබඳව ‘සමාජවාදී ජනතා සංසදය’ සිය ආචාරය පුදකර සිටී.
වික්‍රමබාහු කරුණාරත්න සහෝදරය, ඔබට සුභ ගමන්!
මෙයට,
විශ්වාසී,
ධර්‍මසිරි ලංකාපේලි
ලේකම්
දේශපාලන මණ්ඩලය වෙනුවෙන්