දේශීය පුවත්විශේෂාංග

සිසු ජීවිත ආරක්ෂා කරනු! ඊනියා සරසවි උප සංස්කෘති ක්‍රියාවන්ට එරෙහි වෙමු!

සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨයේ දෙවන වසර අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යයෙකු හදිසියේ මියයාම පිළිබඳව ‘සමාජවාදී ජනතා සංසදය’ විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සමපූර්‍ණයෙන් පහත පළවේ..

2025 මැයි 02

මාධ්‍ය නිවේදනයයි.

සිසු ජීවිත ආරක්ෂා කරනු! ඊනියා සරසවි උප සංස්කෘති ක්‍රියාවන්ට එරෙහි වෙමු!

සබරගමුව විශ්වවිද්‍යාලයේ, තාක්ෂණ පීඨයේ, ඉංජිනේරු තාක්ෂණ දෙවන වසරේ ඉගෙනුම ලැබූ චරිත් දිල්ශාන් නමැති සිසුවාගේ හදිසි  මරණය පිළිබඳව සමාජ කථිකාවක් මතුවීම පිළිබඳව අප පක්ෂය දැඩි අවධානය යොමුකර සිටි.

මරණයට හේතුව නවකවද සිදුවීමක් බවට දැඩි කථාබහක් සමාජය තුළ සාකච්ඡාවට බඳුන් වෙමින් තිබේ.  චෝදනාව බරපතල බැවින් මේ පිළිබඳව නිවැරැදි තොරතුරු සමාජය වෙත නිරාවරණය කිරීම සබරගමුව විශ්ව විද්‍යාලයේ බලධාරීන්ගේ නිසි වගකීමක් වෙන අතර මෙි පිළිබඳව ශිෂ්‍ය ව්‍යාපාරයට ද බරපතල වගකීමක් තිබේ.  නිසි පරීක්ෂණණයක් පවත්වා මරණය පිළිබඳව නිවැරැදි තොරතුරු හෙළාදරව් කිරීමට මැදිහත්වීම වෙනු වෙන් ශිෂ්‍ය ව්‍යාපාරයට ඇති වගකීමෙන් බැහැරවිය නොහැක. මේ අතර මියගිය ශිෂ්‍යා විසින් ලියා ඇති ලිපියක ඔහුගේ මරණයට කිසිවෙකුත් වගනොකියයුතු  බව පවසා ඇතැයි වාර්‍තා වේ.

නවකවදය පිළිබඳ තර්‍කනය මත පදනම්ව, රජය, දක්ෂිණාංශික පක්ෂ සහ ජනමාධ්‍ය විසින් ශිෂ්‍ය ව්‍යාපාරය මර්‍ධනය කිරීම සඳහා ගෙනයන උත්සාහයට මෙම සිදුවීම් නොදැනුවත්ව ලබා දෙන අවස්ථාවන් බව ශිෂ්‍ය ව්‍යාපාරය තේරුම් ගතයුතුය. එසේම සෑම රජයක්ම විසින් අධ්‍යාපන පෞද්ගලිකකරණය කිරීමට යොදාගන්නා උපාය මාර්‍ගයන්ට මෙවැනි ක්‍රියා උපකාරී වනු ඇති බව ද ශිෂ්‍ය ව්‍යාපාරය තේරුම්ගත යුතුය. මෙවැනි ක්‍රියාවන් සිසුන්ගේ අධ්‍යාපනයට බාධාවක් හා අධ්‍යාපනයේ නිදහසට බාධාවන මැර ක්‍රියාවන් බව වටහා ගැනිම වැදගත්.

ඒබැවින් ශිෂ්‍ය ව්‍යාපාරයට, විශේෂයෙන් අන්තර් විශ්ව විද්‍යාල බල මණඩලයට මේ ක්‍රියාවන් පරාජය කිරීම වෙනුවෙන්

නිවේදනයන්ට එහාගිය  මැදිහත්වීමක් හා වගකීමක් පැවරෙන බව කිවයුතුය. මෙවැනි පසුගාමී ක්‍රියාවන්ගෙන් ශිෂ්‍ය ව්‍යාපාරය මුදවාගෙන “පළමුවත් අධ්‍යාපනය, දෙවනුවත් අධ්‍යාපනය, තෙවනුවත් අධ්‍යාපනය” යන ලෙනින්ගේ සුප්‍රසිද්ධ පාඨය තේරුම් ගනිමින්, 21 වෙනිි සියවසට ගැලපෙන වාමාංශික මතවාදයන්ගෙන් පෝෂිත, වඩාත් ්‍ප්‍රජාතන්ත්‍රීයකරණය වූ දැනුවත් වාමාංශික ශිෂ්‍ය ව්‍යාපාරයක් ගොඩනැංවීමට තීරණාත්මකව පියවර ගන්නට “සමාජවාදී ජනතා සංසදය” යෝජනා කරසිටී.

ධර්‍මසිරි ලංකාපේලී,

ලේකම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *